ඉතාලියේ ටියුරින් නගරයේ මහල් නිවාස සංකීර්ණයක පස් වෙනි මහලේ සඳළු තලයෙන් පහළට වැටුණු තුන් හැවිරිදි දැරියක් පොළවට පතිත වීමට පෙර උඩ පන්දුවක් රැක ගන්නා ආකාරයෙන් මහල් නිවාසය අසලින් ගමන් ගත් පුද්ගලයෙකු පහළ සිට අල්ලා ගැනීම හේතුවෙන් එම දැරියගේ ජීවිතය ආශ්චර්යමත් ලෙස බේරී තිබේ.
ඒ හේතුවෙන් මහල් නිවාසය අසලට ගොස් බැලු විට කුඩා දැරියක් හතර වෙනි තට්ටුවේ සඳළු තලය අයිනට පැමිණෙනු දුටු බවත් තවත් පුද්ගලයකු කෑ ගසන අයුරු දුටු බවත් ඔහු ප්‍රකාශ කර ඇත. ආපහු යන ලෙස පහළ සිට තමන් කෑමොර දුන්නත් එය කුඩා දැරියට නොඇසුණ බවත් අවසානයේ ඇය සඳළු තලයෙන් පහළට වැටුණු බවත් මටියා අගුස්සි පවසා තිබේ.
දැරිය සඳළු තලයෙන් පහළට වැටෙන අයුරු දුටු විට සියලු දේ හොඳින් සිදු වේ යැයි බලාපොරොත්තුවෙන් ඇස් දෙක පියාගෙන දැරියව අල්ලා ගැනීමට තමන් ඉදිරියට පැන්න බවත් අනතුරව දැරිය තමන්ගේ ඇඟට වැටී දෙදෙනාම බිම වැටුණු බවත් මටියා අගුස්සි ප්‍රකාශ කර ඇත.බිම වැටුණු අවස්ථාවේ තමන්ට දැරිය ජීවත් වන බවට කිසිඳු ඉඟියක් නොලැබුනත් ටික වේලාවකින් දැරිය අඩන ශබ්දය තමන්ට ඇසුණු බවත් ඉන් සිතට සතුටක් දැනුනු බවත් ඔහු පවසා තිබේ.
එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ප්‍රථමාධාර නිලධාරීන් දැරිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීම පිළිබඳ සියල්ලන්ම පුදුමයට පත්ව තිබේ.ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජෝර්ජියා මෙලෝනි ද මටියා අගුස්සිගේ මෙම වීර ක්‍රියාව පිළිබඳව එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇත.