අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මීගොඩ උඩ ගෙවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ බටුවිට ප්‍රදේශයේ පුද්ගලික සමාගමක අලෙවි විධායක වරියක් ලෙස සේවය කරමින් සිටි මංජරී ආදිත්‍යා ප්‍රනාන්දු නැමැති 25 හැවිරිදි අවිවාහක තරුණියකි.
මියගිය තරුණිය ඇය සේවය කරන ආයතනයේ අයෙකුගේ විවාහ මංගල උත්සවය ට අනෙකුත් පිරිස සමඟ එම උත්සවය පැවති පැවැති හොරණ ගෝනපොළ උත්සව ශාලාවක් වෙත ගොස්
සහභාගි වී ඇති අතර එහිදී පිරිස සමඟ විනෝද වී නර්තනයෙ යෙදී ඇතැයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එහිදී මියගිය තරුණිය තවත් තරුණියන් දෙදෙනෙකු සමඟ නර්තනයේ යෙදෙමින් සිටින අවස්ථාවේදී එම ස්ථානයෙන් පිට වී ඇති අතර වේලාවක දී ඇයට අසනීප වී මෝටර් රථයකින් හොරණ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යාමෙන් අනතුරුව එම රෝහලේ වෛද්‍යවරු ඇයව හොරණ රෝහල වෙත රැගෙන යාම සඳහා උපදෙස් ලබාදී ඇතැයි පොලිසිය කියයි.
තරුණිය හොරණ රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව සිදු කළ පරික්ෂාවේදී ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් දැනුම් දී ඇති බව පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත.
ප්‍රනාන්දු නම් 25 හැවිරිදි අවිවාහක තරුණියගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් ඇයගේ මව වන කරුණාධිපති ගණිතයාලාගේ සීලවතී (49) මහත්මිය පැවැසුවාය.
මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ මීගොඩ, උඩගෙවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ, බටුවිට ප්‍රදේශයේ පුද්ගලික සමාගමක අලෙවි විධායකවරියක් ලෙස සේවය කරමින් සිටි මංජරී ආදිත්‍යා ප්‍රනාන්දු නමැත්තියයි.
මිය ගිය තරුණිය ඇය සේවය කරන ආයතනයේ අයකුගේ විවාහ මංගල උත්සවයකට අනෙකුත් පිරිස සමඟ එම උත්සවය පැවති හොරණ, ගෝනපොළ උත්සව ශාලාවකට ගොස් ඇති අතර, එහිදී ඇය පිරිස සමඟ විනෝදවී නර්තනයෙ යෙදී ඇතැයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණයවී ඇත.
මිය ගිය තරුණිය තවත් තරුණියන් දෙදෙනකු සමඟ නර්තනයේ යෙදී එම ස්ථානයෙන් පිටවී ඇති අතර, ටික වේලාවකදී ඇයට අසනීපවී මෝටර් රථයකින් හොරණ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇත. අනතුරුව එම රෝහලේ වෛද්‍යවරුන් ඇය හොරණ රෝහලට රැගෙන යෑමට උපදෙස්දී ඇති බවත්, එහිදී සිදු කළ පරීක්ෂාවේදී ඇය මිය ගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් දැනුම්දී ඇති බවත් පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණයවී ඇත.
තරුණියගේ මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා පදනම් කරගෙන ඇයගේ මරණය සිදුවී ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් කෑමට ගත් ආහාර ශ්වාස නාලිකාවලට යෑම හුස්ම ගැනීමට අපහසුවීමෙන් බවට හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක මුළු දිවයිනට සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා තීරණය කළේය.
හොරණ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය පණීත සෙනෙවිරත්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේය.
එහිදී සාක්ෂි දුන් මිය ගිය තරුණියගේ මව මෙසේ ද පැවැසුවාය.
“මිය ගියේ මගේ ලොකු දුව. ඇය 1998.11.14 උපන්නේ. ෙමගේ දුවට අවුරුදු 25යි. දුව දිනපතා රැකියාවට ගිහින් රාත්‍රී 7ට ළං වෙලා ගෙදර එනවා. මිය ගිය දුවට හතිය තිබුණා. ඇයට එය වරින් වර ඇති වෙනවා. ඒ වෙලාවට ඇය ඉන්හේලර් එකක් පාවිච්චි කරනවා. ඇය දිගටම බෙහෙත් ගත්තේ නෑ. අවශ්‍ය විට ඉන්හේලර් පාවිච්චි කරනවා. දුවට පරිප්පු, කඩල පරිප්පු කන්න බෑ. ඒවා කාපු විට ආසාත්මිකතා ඇති වෙනවා. හතිය එනවා. ඒ අවස්ථාවල වෛද්‍යවරයාට පෙන්නලා බෙහෙත් ගන්නවා. වෙනත් ආහාර ගත් විට එසේ වෙනවාද කියලා මා මේ දක්වා දන්නේ නෑ. දුව ඉතා හොඳින් හිටියා. විවාහ මංගල උත්සවයට දුව පිටත් වුණේ උදේ 9ට විතර තනිවමයි. ගියාට පස්සේ මා ඇයට කතා කළේ නෑ. සවස 3.45 ට විතර දුවගේ රැකියා ස්ථානයේ ඉහළ නිලධාරියකු වන දිනිදු මහතා දුරකතන ඇමතුමක් දී මගේ පොඩි දුවට කියලා තිබුණා, ලොකු දුව මිය ගිය බව. මම රෝහලට ගිහින් දේහය හඳුනාගත්තා. මරණය ගැන මට සැකයක් නෑ.”