728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, June 4, 2023

එකම තැන දන්සල් හතයි - දැන් ඇරඹුනා - මෙන්න යනවා නම් දන්සල්

 


දාන, ශීල, භාවනා වැනි පින්කම් හැරුණු විට, වෙසක් කූඩු වැනි විවිධ සැරසිලි, තොරණ හා දන්සල්ද  පොසොන් සමය තුළද විශේෂ තැනක් ගනී.

දන්සලට ඇත්තේ දිගු ඉතිහාසයකි. බුදුන් ජීවමානව සිටි සමයේ පවා රජවරු දුගී, මගී යාචකාදීන්ට දන්සල් පැවැත්වූ බව බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබෙයි. සිරි ලංකාවේද රජවරු දන්සල් පැවැත්වීමේ සිරිත දිගටම කරගෙන ගියහ. ජනාධිපතිවරුද විවිධ ආකාරයේ දන්සල් පැවැත්වූහ. විශේෂයෙන්ම මැතිවරණ ආසන්නයේ විවිධ ජන කොටස් ජනාධිපති මන්දිරයට කැඳවා ඛාජ්‍ය, භෝජ්‍ය සංග්‍රහ පැවැත්වීමද දේශපාලන විචාරකයන් දුටුවේ, දන්සල් දීමක් ලෙසිනි.

දන්සල් අතරින් වඩාත්ම ජනප්‍රිය වූයේ බත් දන්සලය. පසුව වෙනත් වෙනත් දන්සල්ද පැතිරුණි. ෆ්‍රයිඩ් රයිස්, කහ බත්, රොටී, කොත්තු, නූඩ්ල්ස්, පාන්, මයියොක්කා, බිස්කට්, සිසිල් බීම, තේ, කෝපි, සුප්, ඔසු පැන්, කඩල, අයිස් ක්‍රීම් වැනි දෑ ඊට එක්වුණි. එක්තරා ප්‍රදේශයක වෛශාඛ සමිතියකින් පැවැත්වූ දන්සලක බැනරය මෙසේ විය.

''පහළොස් වැනි වරටත් පවත්වනු ලබන ශ්‍රී සංඝරාජ අනුස්මරණ මහා ෆෘට් සැලඩ් දන්සල''

දන්සල් පවත්වන්නන් ඊට සැරසෙනුයේ  මාස කීපයකට පෙර සිටමය. මුලින්ම කරනුයේ දන්සල ඉදිකිරීමට නියමිත ස්ථානයේ බැනරයක් මගින් ඒ බව ජනතාවට දැනුම් දීමය. පැවැත්වෙන වේලාවද එහි සඳහන්ය. ඒ අනුව, දන්සල විවෘත කිරීමට පෙරම දිගු පෝලිමක් සැදෙයි. නන්දා මාලිනියගේ ජනප්‍රිය ගීතයක කියැවෙන අන්දමට කේතුමතී නුවර නම්, දන්සල් දොරෙහි යදියෝ නැත. අතමිට හිඟ නැති බැවින් පුරවැසියෝ සල්පිල්වලය. එහෙත් මේ සිරිලංකාවය. එහෙයින් දන්සල්වලට, සෙනඟින් අඩුපාඩුවක් නැත.

කලකට ඉහත නම් ඇති හැකි අය දන්සල් ගියේ නැත. එය ලැජ්ජාවට කාරණයක් ලෙස සැලකුණි. දන්සල් බත් කෑමේ දොළක් ඇති වූ ඉහළ පෙළේ උදවිය කළේ තම සේවකයෙකු යවා පාර්සලයක් ගෙන්වා ගැනීමය.

දැන් තත්ත්වය වෙනස්ය. එහි පංති භේදයක් නැත. සුපිරි වාහනවලින් එන අයද දන්සල් බත් කති. එය ඔවුනට විනෝදයකි. ඇතැම් දන්සල්වල ''VIP කෑල්ලක්'' ද ඇත්තේ ප්‍රභූවරුන්ටය. දන්සල් තුළ ඥාති සංග්‍රහ, මිත්‍ර සංග්‍රහ ද නැත්තේ නොවේ.

දන්සල් සංවිධානය යහපත් චේතනාවෙන් මෙන්ම, සැඟවුණු චේතනාවෙන්ද කරනා අය සිටිනා බව, සමහර කතාවලින් දැනගන්නට ලැබේ. එබඳු අයගේ නම්වලට ''දන්සල්'' කෑල්ලද ඈදා ඇත්තේ සමාජය විසිනි. දන්සල් බතා, දන්සල් සිරා, දන්සල් පිනා යනු ඉන් කීපයකි.

එක්තරා ප්‍රදේශයක ''දන්සල් මුදලාලි'' නමින් හැඳින්වෙන පුද්ගලයෙක් සිටීය. අවුරුද්ද පුරාම ඔහුගේ ''රාජකාරිය'' දන්සලට බඩු එකතු කිරීමය. කිසියම් තැනකින් හාල් මිටි 2ක් ලැබුණොත් එකක් දන්සලටය. අනික ගෙදරටය. අනික් බඩු මුට්ටුවලට වන්නේත් ඒ ටිකමය. වෙසක් දන්සලද සරුවට දෙන ඔහු ඉතිරි මාස ටිකද අඩුවක් පාඩුවක් නැතිව කල් ගෙවීය.

ඒත්  මේ කියන්නේ අද  පිළියන්දල කිදෙල්පිටිය ප්‍රදේශයේ පැවැත්වෙන දන්සලයි. එකම භුමියේ මේ වන විට දන්සල් 7 ක් පැවත් වේ.ඒ දුන්තෙල් බත් දන්සල, ආප්ප දන්සල,තොසේ දන්සල,ඉදියාප්ප දන්සල,පාන් දන්සල,අයිස් ක්‍රීම් දන්සල සහ දිවුල් කිරි දන්සලයි. ජයාරූප පහතින් නරඹන්න 






  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: එකම තැන දන්සල් හතයි - දැන් ඇරඹුනා - මෙන්න යනවා නම් දන්සල් Rating: 5 Reviewed By: webgossip24.com