728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, May 7, 2023

පා.ම ගේ පුතා පදවපු V8 එක උඩින් යයි - වැරැද්ද විදුලි බල මණ්ඩලයේ ලයිට් කනුව?


 පෞද්ගලික විශ්ව විද්‍යාලයක 18 හැවිරිදි  සිසුවෙකු  පදවාගෙන ආ වි 8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේදී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක  ගැටී අනතුරට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.

එම සරසවි සිසුවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයකු බවට  නිල නොවන තොරතුරු ලැබී ඇත 

අනතුරින් කිසිදු පුද්ගලයකුට තුවාල සිදු වී නැති අතර ජීප් රථය පැදවූ සිසුවා කම්පනයට පත්ව  පුද්ගලික රෝහලකට ඇතුළත් ව ඇත

වැල්ලවත්ත සිට කොල්ලුපිටිය දෙසට මුහුදු මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය මාර්ගයේ සිදුකර තිබූ කැණීමක් බේරීම සඳහා දකුණු පසට ගැනීමේදී ලිස්සා ගොස් දකුණු පස නවතා තිබූ මෝටර් රථ දෙකක ගැටි අනතුරුව විදුලි කණුවක ගැටී මෙම අනතුර වී ඒ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

අනතුර වන අවස්ථාවේදී ජීප් රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර නවතා තිබූ මෝටර් රථ දෙකේ කිසිවකු සිට ඇතැයි පොලිසිය කියයි. අනතුරින් වාහන තුනට සහ විදුලි කණුව බරපතල අලාභ සිදු වී ඇත.

සරසවි සිසුවා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථය වාහනවල ගැටීමෙන් අනතුරුව අඩි කීපයක් උඩින් යන අයුරු අසළ සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.

අධික වේගය අනතුරක් වලක්වා නොගැනීම රජයේ දේපළ වලට අලාභ කිරීමේ චෝදනාව යටතේ සරසවි සිසුවාට එරෙහිව නඩු පැවරීමට නියමිතය.

බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  සම්පත් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පි එම් ඒ ඩි එම් සමරවීර මහතා පරීක්ෂණ පවත්වයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පා.ම ගේ පුතා පදවපු V8 එක උඩින් යයි - වැරැද්ද විදුලි බල මණ්ඩලයේ ලයිට් කනුව? Rating: 5 Reviewed By: webgossip24.com