කළුතර ගඟ අසල, මුහුදු වෙරළේ සහ වැටකෙයියා පඳුරු අතර රැදී සිටි තරුණ ජෝඩු 13 ක් අත්අඩංගුවට ගෙන ඇත. කළුතර ප්‍රදේශයේ විවිධ අපචාර ක්‍රියා වැලැක්වීමේ අරමුණින් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි වැටලීම සිදුකර ඇත.
වෙරළ ආසන්නයට විශේෂ බස් රථයක් රැගෙන ගොස් පොලිසියට කැටුව පැම්ණි තරුණ යුවළ කළුතර දකුණ පොලිසියේ රදවා සිටින අයුරු දැකගත හැකිවිය.
කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර තිබේ