728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, April 3, 2023

පිල් මාරුවක්! හෙට පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු ආණ්ඩුවට යන මන්ත්‍රී ලැයිස්තුව මෙන්න


 හෙටින් ඇරඹෙන පාර්ලිමේන්තු සතියේ විපක්ෂයේ පක්ෂ ගණනාවක් නියෝජනය කරන මන්ත්‍රීන් 6 දෙනෙක් පමණ රජයට එක්වීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී වරම් ලැබූ කොළඹ දිස්ත්‍රික්කයේ විපක්ෂ මන්ත්‍රීවරයෙක්, කළුතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් දෙපළක්, බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් සහ විපක්ෂයේ සුළු පක්ෂ නියෝජනය කරන දෙදෙනෙක් මුල් වටයේ පක්ෂ මාරුවට සම්බන්ධ මන්ත්‍රීන් පිරිසට අයත් වන බව වාර්තා වනවා.

ඒ අතර විපක්ෂයේ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන්නා වූ මන්ත්‍රීන් පිරිසක්ද පක්ෂ මාරු සූදානමක පසුවන බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

ඇතැම් විට ඔවුන් කිහිප දෙනෙක්ද හෙට (04) හෝ ඒ ආසන්න දිනක පක්ෂ මාරු කිරීමට ඉඩ ඇතැයි වාර්තා වනවා.

ඉදිරියේදී පක්ෂ මාරු කරන සෙසු මන්ත්‍රීන් අතර පොහොට්ටුවේ මන්ත්‍රීන් කිහිප දෙනෙක්ද වනවා.

මේ මන්ත්‍රීන් සියලු දෙනා එක්කරගෙන නව දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීමේ සැලසුමක් රජය ක්‍රියාත්මක කරමින් සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පිල් මාරුවක්! හෙට පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු ආණ්ඩුවට යන මන්ත්‍රී ලැයිස්තුව මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com