
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සේදවත්ත, වැල්ලම්පිටිය පදිංචි ඩෙවින්තා ඉෂානි පෙල්මිමන් නැමැති කාන්තාවය.
අවුරුදු 11ක් වයසැති ගැහැණු දරුවන් දෙදෙනකුගේ රහස් ප්‍රදේශ පුලුස්සා කෲරත්වයට පත්කර ඇතැයි සදහන් කරමින් කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලීසිය කරන ලද පැමිණීල්ලකට අනුව මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරිසන් මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
සැකකාරිය, වයස අවුරුදු 11ක් වන ඇගේ දියණීය සහ සැකකාරියගේ සහෝදරියගේ දියණීය මෙලෙස පුලුස්සා ඇති බවත් මේ වන විටත් එම දැරියන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.