කළුතර ප්රදේශයේ නිවාසවලට රාත්රී කාලයේ දී ඇතුළු වී දේපොළ සොරා ගන්නා පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම සැකකරු ඉකුත් දින කීපය තුළ කළුතර ප්රදේශයේ නිවාස ගණනාවක දේපොළ සොරාගෙන ගොස් තිබිණි.
නිවාස වලට ඇතුළු වෙන මෙම පුද්ගලයා එහි දී නිරුවත් වී සැරිසරන අයුරු සීසීටිවී කැමරාවක මෙලෙස සටහන්ව තිබිණි.
කළුතර දකුණු සහ උතුරු පොලිසිය පරීක්ෂණ පවත්වයි.