සිනමා අධ්‍යක්ෂකවරයෙක්, තිර කතා රචකයෙක්, නිෂ්පාදකවරයෙක් සහ ගීත රචකයෙක් ලෙස මෙරට සිනමාවට විශාල මෙහෙවරක් කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් මහතා අද (20) අභාවප්‍රාප්ත විය.
බිඳුණු හදවත්, පෙම් කුරුල්ලෝ, සජා (සම අධ්‍යක්ෂණය), බෝනික්කෝ 1-2, මව්බිම නැත්නම් මරණය, ජූරිය මමයි, ඇගේ වෛරය 1 -2 – 3 – 4, දඩබිම, සෙල්ලම් කුක්කා, වියරු ගැහැනියක්, ගිනිගත් හෝරාව, මිස් ඩයිනමයිට් ඇතුළු සිංහල චිත්‍රපට 34ක් ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබෙයි.
ආන්දෝලානාත්මක චිත්‍රපට රැසක් තැනූ ලුවී සම්මානනීය ඉංග්‍රිසි නවකතාකරුවකු හැටියට ද ප්‍රසිද්ධයි.ලුවී සිංහල සිනමා ඉතිහාසයේ නව රැල්ලක් ඇති කළ අයෙකි. මෙරට කලක් අතිශය ජනප්‍රිය වූ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට රැල්ල නිර්මාතෘ ඔහු ය.
එදා හිස් වූ සිනමා ශාලාවට ප්‍රේක්ෂකයා ගෙන්වා කර්මාන්තයක් වශයෙන් සිනමාව ඉදිරියට යෑමට ලුවීගේ සිනමාපටයන් බලපෑවේය. ඔහුගේ මුල්ම චිත්‍රපටය වූ ‘බිඳුණු හදවත්’ තිරගත වූයේ හැත්තෑව දශකයේය.
එදා මෙදාතුර ඔහු කළ බොහෝ චිත්‍රපට වානිජමය අතින් සාර්ථක විය.‘ඇගේ වෛරය’ සමඟින් දේශීය සිනමාවේ කාම රැල්ලක් නිර්මාණය කළ ඔහු මෙසේ කියා තිබුණෙි. ‘මං හැදුවේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට නෙවෙයි. ඒවාහි කතාවට අනුව නිරුවත් දර්ශන ඇතුළත් කරන්න වුණේ.
නමුත් ඇතැම් නිරුවත් දර්ශන චිත්‍රපටයට බලෙන් ඔබ්බවා තිබුණා කියල සමහරු කිව්වා.මං ඉතාම වගකීමෙන් කියනවා මම එහෙම කළේ නැහැ. අනිත ඒ චිත්‍රපට වැඩිපුරම නැරැඹුවෙ කාන්තාවන්. ඇගේ වෛරය ආදර්ශවත් කතාවත් කියලා නොබියව මං කියනවා.
මොකද නැත්තේ. අද ආදායම් වාර්තා තියන චිත්‍රපට හදන අය ඒ කාලේ සිනමාපට හදනවා තියා ඒවා දිහා බැලුවෙවත් නැහැ. මං ප්‍රේක්ෂකයා ගෙන්නුවාට පස්සේ කීප දෙනෙක් සිනමාපට අධ්‍යක්ෂණය කරන්න ආවද, මට සතුටුයි එහෙම වෙච්ච එකට.
කිව්වට විශ්වාස කරන්න ඇගේ වෛරය බලන්න කාන්තාවෝ ආවේ බත් බැඳගෙන. පාන්දර 7 වෙන කොට සිනමා ශාලා ඉදිරියේ පෝලිම්. ඒ වගේ හපන්කමක් කවුරුවත් කරලා නැ.
මගේ ජීවිත කාලයටම ඇතිවන්න මඩ ප්‍රහාර වැදුණා ඒ කාලේ. මට එහෙම වුණේ මං මිනිස්සුන්ට දැනෙන්න යමක් කළ හින්දනෙ, නේද?
අද හැමෝගෙම අතේ ජංගම දුරකතන. මං චිත්‍රපටයක් හැදුවොත් ඒක බලලා මිනිස්සු මට බනියි මේ මොන මඟුලක් ද කියලා.විජය කුමාරතුංගයන් සිනමාවට සම්ප්‍රාප්ත වුණේ මගේ චිත්‍රපටයකින්.නමුත් බොහෝ දෙනෙක් දන්නේ ඔහු ආවේ හන්තානෙ කතාවෙන් කියලා. ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නෙ එහෙමනේ. මං මේ කියන කතාවට රොබින් ප්‍රනාන්දු සාක්ෂි.
මගේ පළමු චිත්‍රපටය වුණේ බිඳුණු හදවත්. මට එයට එකල අමුතු කඩවසම් බවකින් යුතු ටෝනි රණසිංහව ගන්න වුවමනාව තිබුණා. රොබින්, නීටා ඇතුළු පිරිස තෝරගෙන මං රූගතකිරීම් ඇරැඹුවා. දර්ශන තලයට රොබින් හමුවන්න විජය ආවා.
රොබින් මට ඔහුව හඳුන්වලා දීලා කිව්වා හොඳ කොල්ලෙක් අපි එයාව මේ චිත්‍රපටයට ගමු කියලා. නීටත් එය අනුමත කළා. මං කල්පනා කරලා ටෝනිගේ චරිතය විජයට දුන්නා. ඒක තමයි විජයගේ පළමු චිත්‍රපටය. හැබැයි හන්තානෙ කතාව පෝලිම පැන්නා.