728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, April 3, 2023

අනියම් බිරිඳක් සමග එකම නිවසක පවුල් කෑ මිතුරන් දෙදෙනකුට අවසානයේ අත් වූ ඉරණම


 අනියම් බිරිඳක් සමග එකම නිවසක පවුල් කෑ මිතුරන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලකදී එක් අයකු අනෙකා  තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .

මිනුවන්ගොඩ , පත්තඩුවන , දේවාලවත්ත ප්‍රදේශයේ අනියම් බිරිඳක් සමග ජීවත් වු රාජපක්ෂ ආරච්චිගේ විජේසිරි නැමැති 42 හැවිරිදි පුද්ගලයාව මෙසේ ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.

මිනුවන්ගොඩ , පත්තඩුවන දේවාලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සැකකරු සහ මරණකරු කාන්තාවක් සමඟ ජීවත් ව ඇති බව පොලිසිය පවසයි.

ගස් කැපීම ඇතුළු කුලී වැඩ කරන මරණකරු සහ සැකකරු  බීමත්ව සිටියදී දෙදෙනා අතර වෙලදසැලක් අසලදී ආරවුලක් ඇති වී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.

ඔවුන් පදිංචි සැකකරුට අයත් නිවස ඉදිරිපිටදී එම මිතුරන් දෙදෙනා අතර නැවත ඇති වූ ආරවුලේදී සැකකරු  තම මිතුරාව මෙසේ තියුණු ආයුධයකින් කපා කොටා එම ස්ථානයේදීම ඝාතනයට ලක් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සදහන් කලේය

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අනියම් බිරිඳක් සමග එකම නිවසක පවුල් කෑ මිතුරන් දෙදෙනකුට අවසානයේ අත් වූ ඉරණම Rating: 5 Reviewed By: webgossip24.com