ඒ වගේම සදුන් පෙරේරා කියන්නේ දෙස් විදෙස් රටවල පවා සහභාගි වෙන ජනප්‍රිය ගායකයෙක්. ඉතින් සදුන් කරන ඔහුගේ විලාසිතාවලට බොහෝ දෙනාගේ ආකර්ෂණය ඇති වෙනවා. විශේෂයෙන්ම සදුන්ගේ කොන්ඩ විලාසිතාවනම් කෙනෙකුට කතා නොකරම බැරිදෙයක්. ඒ තරමට සදුන්ගේ කොන්ඩ විලාසිතාව ජනප්‍රියයි.
ඉතින් ජනප්‍රිය ගායක සදුන් පෙරේරා ඔහුගේ කොන්ඩය ආරක්ෂා කරගන්න මේ විදියටයි මහන්සි වෙන විදිය ගැන කියලා තිබුණේ.
” මම ගමනක් යන්න ලෑස්ති වෙලා පැයක් තියාගන්නවා මගේ කොන්ඩෙට. පැයක් විතර යනවා කොන්ඩෙ හදන්න. අවමයෙන් විනාඩි 45ක් නම් අනිවාරෙන් යනවා. ඒ නිසා මට පරක්කු වෙනවා කියලා බනින අය දෙපාරක් හිතන්න. මම කොන්ඩෙනිසා එක පැත්තකට නිදා ගන්නෙ. අනිත් පැත්ත හැරෙන්න ඕනනම් නැගිටලා තමයි අනිත් පැත්තට හැරෙන්නෙ.”
මේ විදියටයි ජනප්‍රිය ගායක සදුන් පෙරේරා ඔහුගේ අදහස් දක්වලා තිබුණේ.