ඒ සියලුම දේවල් එක්ක ඇය කලාවට එන්නේ ශ්‍රියානි අමරසේන මහත්මියගේ ආරාධනාවක් මත ඉරබටු තරුව කියන නිර්මාණයට සම්බන්ධ වෙන්න. ඒ වෙද්දිත් සේමිණි විවාහ වෙලා. ඇය විවාහ වුණේ පොලිස් සේවයේ රැකියාව කරන පුද්ගලයෙක් සමග.
එදා ඉඳන්ම සේමිණීට තිබිලා තියෙන්නේ එකම එක හීනයයි ඒ හොඳ ගෘහණියක් වෙලා දරුවො ගොඩක් එක්ක පවුල් ජීවිතය සතුටින් ගෙවන එක.ඒ නිසාම විවාහ වෙච්ච අලුත් අලුත ඇයගේ මූලිකම මූලික ම බලාපොරොත්තුව තමයි දරුවෙක් හදන එක.එනිසාම ඇය කිසිම පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත කළේ නැහැ කියලත් සඳහන් කරනවා.
ඒ බලාපොරොත්තුත් එක්ක ඇයට පළවෙනි දරුවා හම්බවෙන්න එනවා. හැබැයි ඒ කතාව සුන්දර කතාවක් විදිහට නං අවසන් වුණේ නැහැ.ඒ කටුක අමිහිරි අත්දැකීම් පිළිබඳව පැමිණි කිව්වේ මේ වගේ කතාවක්.
මගේ ජීවිතය හුඟක් දේවල් මට සිද්ධ වුණේ අමුතු විදිහට.ඒ දේවල් වලින් පස්සෙ මම ටිකක් මානසිකව වැටුණා. ගානක් නැහැ සෙනග ඉන්නවද කියලා ගානක් නැහැ එහෙම හිතන් නැතුව මගේ අතේ ඉබේම ගිහින් මට බිලීඩ් වෙනවද කියලා මම බලලා තියෙනවා.ඒක කරන්න මට කිසිම ලැජ්ජාවක් දැනුනෙ නැහැ ඒ තරම් මං මානසිකව වින්දා.ඒ වගේ මානසිකත්වයක මම ඉන්න කාලෙකදි තමයි ඉරබටු තරුව ටෙලිනාට්‍යයේ රඟපාන්න අවස්ථාවක් ආවේ”
ඇය සිද්ධ වෙච්ච සිදුවීම් නිසා දැඩි මානසික කම්පනයකින් හිටපු නිසාත් ඉර බට තරුව ටෙලි නිර්මාණයට රඟපාන්න යනවා.ඊට පස්සේ ඇගේ ජීවිතයේ සියලුම දේවල් හොඳම විදිහට සිද්ධ වුණා කියලත් ඇය සඳහන් කළා.අවසානයේ හැලහැප්පීම් බාධක අභියෝග මැද ආදරණීය දියණියකගේ මවක් වෙන්නත් ඇය වාසනාව ලැබුවා