තම දියණිය පිළිකාව පරාජයට පත්කිරීමෙන් දවසකට පසු ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක ලොතරැයියක් ජයග්‍රහණය කළ කාන්තාවක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඇමෙරිකාවේ ලේක්ලන්ඞ් නගරයේ ජෙරල්ඩීන් ගිම්බ්ලට් ඇය ඉතිරි කරගත් සියලු දේ තම දියණියගේ පිළිකාව සනීප කිරීම සඳහා වියදම් කර තිබේ.ගිම්බ්ලට් තම දියණියගේ අවසන් ප්‍රතිකාර වටය ලබා දී ඇයව නිවස බලා රැගෙන යන අවස්ථාවේ ඉන්ධන පිරවුම් හලකට ගොඩ වැදී ඇති අතර එහි තිබූ අවසාන ලොතරැයිය ජෙරල්ඩීන් මිලදී ගෙන ඇත.
ජෙරල්ඩීන් මිලදී ගත් එම ලොතරැයියට ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක ත්‍යාගයක් හිමිව තිබේ.
මෙම පුවත පිළිබඳ සමාජ මාධ්‍ය තුළ විශාල කතා බහක් ඇති වී ඇති අතර තම දරුවන් වෙනුවෙන් සියලු දේ කැපකරන දෙමාපියන් සියලු දෙනාට මෙවැනි ලොතරැයි ත්‍යාග ලැබිය යුතු බව එක් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් සටහනක් ද තබා ඇත.