කොළඹ අපරාධ කොට්ඨාසය මගින් 2021 ජූලි මස 19 වෙනි දින හොරයින් මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 225 හා එම ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් ලක්ෂ අටකට අධික මුදලක් සමග පිටකෝට්ටේ ,මිරිහාන රජමහා විහාර මාවත පදිංචි ඕමල්පගේ දිනේෂ් හර්ෂ රණසිංහ සහ එම සැකකරුගේ පෙම්වතිය බව කියන බොරැල්ල සර්පන්ටයින් පාර පදිංචි අරුණි නදීශිකා අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සහ සැකකාරිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා දුන් නියෝගයක් අනුව කළ විමර්ශනවලින් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් වලින් එම නිවස මිලදී ගත් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
නීති විරෝධී ආකාරයට උපයා ගත් මුදල්වලින් මිලදී ගත් දේපළ සම්බන්ධයෙන් 2011 අංක 40 පනතින් සංශෝදිත මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ 8 (2) වගන්තිය ප්‍රකාරව මෙම නිවස ඉඩම ගම්පහ මහාධිකරණය මගින් ක්‍රියා විරහිත කර තහනම් කිරීමට ලක් කර එකී පනතේ එකොළොස් වන වගන්තිය ප්‍රකාරව මහර ප්‍රාදේශීය ලේකම් එම නිවසේ ප්‍රතිග්‍රාහකයා වශයෙන් පත්කළ බව පොලිසිය සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සැකකාරිය බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද එම නිවස වෙත කැඳවා සැකකාරිය ඉදිරිපිට දී එම නිවස සෝදිසි කිරීම සඳහා වරෙන්තුවක් ද නිකුත් කර තිබූ බව පොලිසිය කියයි.
තවද සැකකරුවා සැකකාරියගේ නමින් බැංකු කීපයක තැන්පත්ව ඇති රුපියල් කෝටි 11කට ආසන්න මුදල් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙක් පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ , නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් යන නිලධාරින්ගේ උපදෙස් මත මෙම පරීක්ෂණ සිදු කෙරිණ.