ජනාධිපති බිරිය මහාචාර්යය මෛත්‍රී වික්‍රමසිංහගේ ආදරණීය මෑනියන් වන ශිරාණි වික්‍රමසිංහ අද(08) උදෑසන අභාවප්‍රාප්ත විය.
මේ වන විට දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අද පස්වරු 5.00 නාවල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.
ඇය නාවල ප්‍රභූ පවුලක උපත ලද නමුත් සරල දිවි පෙවතක් ගෙන ගිය කාන්තාවක් වන අතර පසුකාලීනව සමාජ සේවා රැසක් සිදුකළ ශිරාණි වික්‍රමසිංහ ප්‍රකට දානපතිනියක වන අතර නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයට සම්පූර්ණ ඉඩම පරිත්‍යාග කර ඇත්තේ ද ඇය විසිනි.
අද ඇගේ අවසන් කටයුතු නාවල පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණේ ඉතා චාම් අන්දමින්.එම අවස්ථාවට ජනධිපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.