පසුගිය 26 වැනිදා කොළඹ ටවුන්හෝල්හි පැවැති ජාතක ජන බලවේගයේ විරෝධතාව අතරතුරදී එල්ල වුණු කඳුුලු ගෑස් ප්‍රහාරයෙන් පසු දැඩි ලෙස රෝගාතුර වූූ අයකු තවමත් සිහිසුන්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව නීතීඥ අකලංක උක්වත්ත මහතා පැවසීය.
මෙසේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ 46 හැවිරිදි අජිත් ගමගේ නැමැති වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි.
ප්‍රහාරයට ලක්වූ අවස්ථාවේ සිට මේ දක්වා ඒ මහතා සිහිසුන්ව සිටින බව උක්වත්ත මහතා කියා සිටියේය.
මෙම ප්‍රහාරයෙන් පසු කහවත්ත ප්‍රදේශයේ නිමල් අමරසිරි මහතා ජීවිතක්ෂයට පත්විය.