වැල්ලවාය ප්‍රදේශයෙන් භූ චලනයක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ හේතුවෙන්, කිසිදු හානියක් සිදුව නොමැති බවත් ඒ පිළිබඳව ප්‍රදේශවාසීන්ට කලබල නොවන ලෙස ත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියේ ය.
මෙහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 3 ක් පමණ වන අතර, ඉන් කිසිඳු අවදානම් තත්වයක් නැතැයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.