Gossip News

නන්දිමිත්‍ර යෝධයගෙ මැණික් මලු ගන්න ගිහින් මාට්ටු වුන ආණමඩුවෙ නිදන් හොරු මෙන්න

නිධානයක් ගැනීමට කැණීම් කරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පල්ලම පොලීසිය සමත්වී තිබේ.

දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් කෙනෙක් වන නන්දිමිත්‍ර යෝධයා විසින් සඟවා ඇති මැණික්ගල් සහිත නිධානයක් සොයන්නට මෙම පිරිස උත්සහ කරමින් සිටියදී මෙසේ අත් අඩංගුවට ගත් බවයි පල්ලම පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට පත් පිරිස අතර කාන්තාවක් සහ තවත් පුද්ගලයින් හය දෙනකෙු සිටින අතර ඔවුන් විසින් පසුගිය 03 වෙනිදා රාත්‍රියේ යාතිකා පවත්වමින් පල්ලම ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදුකරනු ලැබ තිබෙනවා.

මෙම ප්‍රදේශයේ නන්දිමිත්‍ර යෝදයා කාලයක්ම ජීවත්ව සිටි බවත්, එම යෝධයා විසින් වලදමන ලද මැණික් භාජනයක් සහ රනින් කරන ලද බුදු පිළිමයක් මෙම ස්ථානයේ තිබෙන බවට ඔවුන් විශ්වාස කර තිබෙනවා.

එමෙන්ම නන්දිමිත්‍ර යෝධයා විසින් කරවන ලද බව කියන නවනංගු විහාරයද මෙලෙස නිධන් හෑරූ ස්ථානයට මදක් නුදුරින් පිහිටා ඇති බවයි පල්ලම පොලීසිය පැවසුවේ.

මෙලෙස නිධන් හෑරූ ඉඩමේ හිමිකාරියට විටින් විට තමන්ගේ ඉඩමේ නිධානයක් ඇති බව හීනෙන් පවසා ඇති බව ඇය සඳහන් කරන අතර ඒ අනුව සියළු පුදපූජා පවත්වා දක්ෂ කට්ටඩියෙකු යොදාගෙන මෙම නිධානය ලබා ගන්නට උත්සාහ කර ඇති බවද වාර්ථා වනවා.

මෙලෙස නිධානය ලබා ගැනීම සඳහා අඩි 35 ක් පමණ ගැඹුරට පොළව හාරා තිබුණද නිධානය ලබා ගැනීමට හැකියාවක් ලැබී නැති අතර නිධානය ලබා ගැනීම සඳහා පැමිණි පිරිසෙන් කවුරුන් හෝ කිල්ලට හසුවීම නිසා එම නිධානය ලබා ගැනීමට නොහැකි බව අත්අඩංගුවට ගත් කාන්තාව පොලීසියට හෙළිකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර මීට පෙරත් නිධන් මංකොල්ල වලට සම්බන්ධ බවට හදුනාගත් පුද්ගලයන් කිහිපදෙනෙකුම සිටින බවයි පොලීසිය අනාවරණය කලේ.

එයින් පුද්ගලයන් දෙදෙනෙකු ආණමඩුව ප්‍රදේශයේ දැවැන්ත ව්‍යාපාරිකයන් දෙදෙනෙකු බවත් ඔවුන් නිධන් ගැනීමට මීට පෙර අවස්ථා ගණනකදීම සම්බන්ධ වී ඇති බවත් තොරතුරු වාර්ථා වනවා

කෙසේවෙතත් පල්ලම පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබුනා.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *