Local News

නවගත්තේගමින් හම්බුන කෝටි ගාණක මැණික අතුරුදන්

නවගත්තේගම ප්‍රදේශයේ නිධානයක් ගොඩගනිමින් සිටියදී සොයාගත් කෝටි ගාණක නිල් මැණික මේ වනවිට අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්ථා වෙනවා.

මෙම මැණිකේ වටිනාකම තක්සේරු කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යැවීමට ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කල අතර ඉන් පසු එය හිටි හැටියේ මාරු කර ඇති බවයි වාර්ථා වෙන්නෙ.

වටිනාකම තක්සේරු කිරීමට යැවූ මැණික වෙනුවට වටිනාකමින් අඩු ගල් කැටයක් මාරු කර ඇති බවත් එහි වටිනාකමක් නැති බව පෙන්වීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඉහල නිළධාරීන් පිරිසක් කටයුතු කරන බවත් නවගත්තේගම ප්‍රදේශ වාසීන් පෙන්වා දෙනවා.

කෙසේවෙතත් අදාළ මැණික අත් අඩංගුවට ගැනීමෙන් පසු නවගත්තේගම පොලීසිය එය වීඩියෝ කර ඇති බවත් මේ වනවිට එම දර්ශණ ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදී ඇති බවත් සඳහන්.

නිධානයකින් ලබා ගත් බව කියන ග්‍රැම් 300 ක බරකින් යුත් නිල් මැණිකක් පසුගියදා නවගත්තේගම පොලිසියේ නිළධාරින් කන්ඩායමක් විසින් සොයාගනු ලැබුවා.

නවගත්තේගම වන්නියාගම රක්ෂිතයෙ වතුර අඩක් පිරුණු ලෙනක් තුළින් මෙම මැණික ලබාගන ඇති බව සඳහන්.

නිධානය ලබා ගත් බව කියන සැකකරුවන් ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් විසින් ලබා ගන්නා ලදැයි කියන මැණිකේ මිල නියම කිරීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට දැනුම් දෙන්නැයි වැඩ බලන මහෙස්ත්‍රාත් සුනිල් ජයවර්ධන මහතා පසුගිය 08දා නියෝග කළා.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *