Sport News

ලෝකයේ අමුතුම බෝලීන් ඇක්ශන් 10 මෙන්න

ලෝකයේ අමුතුම ඉරියව්වකින් පන්දු යවන ක්‍රීඩකයන් 10 දෙනා ගැනයි මේ කියන්නෙ.

10 ජෙෆ් තොම්සන්

මොහු 1950 වසරේ උපත ලැබූවෙකි.ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටපු අති දක්ශ වේග පන්දු යවන්නෙකි.1970 – 1980 කාලවකවානුව මොහුගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී කාළයයි.

9 සහීඩ් අජ්මාල්

මොහු කලක් පකිස්තාන කණ්ඩායමේ සිටපු සුපිරිම දඟ පන්දු යවන්නා වේ.වසර ගණනාවක් අඛන්ඩව ලොව හොඳම පන්දු යවන්නා ලෙස පත්වීමට මොහු සමත් විය.එහෙත් 2010 වසරේ දී මොහු පන්දුව දමා ගසන බවට චෝදනා එල්ල විය.පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගත්තත් දිගු කාලයකින් ජාත්‍යන්තර පිටිය තුළ අජ්මාල් දකින්නට නැත.

8 ෆිඩෙල් එඩ්වර්ඩ්

ෆිඩෙල් එඩ්වර්ඩ් බටහිර ඉන්දීය කණ්ඩායමේ සිටින වේග පන්දු යවන්නෙකි.මොහුගේ ඉරියව්වත් 10 වන ස්ථානයේ සිටින ජෙෆ් තොම්සන්ගේ ඉරියව්වට සමාන වේ.මොහු ජාත්‍යන්තර තරඟ වරම් දිනාගත්තේ ශ්‍රීලංකාවට එරෙහිවය.

7 ජස්ප්‍රිට් බුම්රා

ඉන්දියාව මෑතක සොයාගත් හොදම පන්දු යවන්නා වේ.දැනට 20/20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අංක 1 පන්දු යවන්නා වේ.මොහු ශ්‍රීලංකාවේ සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගගේ ගුරුහරුකම් ලබාගත් බව වරක් මොහු මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කලේය.ඒ ඉන්දියානු අයිපීඑල් තරඟ මාලාවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමිනි.

6 අබ්දුල් කාදීර්

පකිස්තානය බිහිකරපු තවත් සුපිරි දඟ පන්දු යවන්නෙකු වේ.1977-1994 කාලයේ ජාත්‍යන්තර පිටිය නියෝජනය කරපු මොහු ටෙස්ට් තරඟ 67කට හා එක්දින තරඟ 104කට ක්‍රීඩා කර ඇත.

5 සොහීල් තන්වීර්

 

පකිස්තානය නියෝජනය කරන සොහීල් තන්වීර් තවමත් ජාත්‍යන්තර පිටිය තුළ දැකගැනීමට හැකි ක්‍රීඩකයෙකි.අමුතු විලාශයකින් වේගපන්දු යවන මොහු ක්‍රීඩකයන් අන්ද මන්ද කිරීමට හැකි සුපිරි පන්දු යවන්නෙකි.

4 මුත්තයියා මුරලිදරන්

ශ්‍රීලංකාව බිහිකල අතිවිශිෂ්ඨ පන්දු යවන්නා වේ.දැනට ලෝකයේ වැඩිම කඩුලු ලාභියාද වන මුරලිදරන් මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදී ඇත.

3 ලසිත් මාලිංග

ශ්‍රීලංකාව බිහිකල තවත් අති විශිෂ්ඨ වේග පන්දු යවන්නෙකි.තවමත් ජාත්‍යන්තර ක්‍රීඩාවේ නියැලෙන මාලිංග මේ වනවිට එක්දින කඩුලු 300 සීමාව පසුකර ඇත.යෝකර් කිං නාමයෙන් ජාත්‍යන්තර විචාරකයින් මාලිංගව හදුන්වයි.

2 ශිවිල් කවුශික්

ඉන්දියානු පළමු පෙළ ක්‍රීඩා තරඟ වල නිරත වෙන කෞශික්ට මේ වනවිට වයස අවුරුදු 22කි.තවමත් ජාත්‍යන්තර තරඟ නිජෝජනය කිරීමට මොහුට අවස්ථාව ලැබී නැත.

1 පෝල් ඇඩම්ස්

දකුණු අප්‍රිකාව බිහිකරපු විශ්ෂ්ඨම හා අසාමාන්‍ය පන්දු යවන්නෙකි.චයිනමන් පන්දු යවන්නෙකු වන පෝල් ඇඩම්ස් පළමු පෙළ කඩුලු 412ක් දවාගන ඇත.පෝල් ඇඩම්ස්ගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන නවක ක්‍රීඩකයකු මේ වනවිට ශ්‍රීලංකාවෙන්ද සොයාගන ඇති අතර ඔහු නමින් කෙවින් කොත්තිගොඩ වේ.මේ වනවිට ඔහු 19 පහළ ශ්‍රීලංකා කණ්ඩායම නියෝජනය කරයි.ඔහුව තවමත් මෙම තේරීමට ලක්කර නැත.

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *