Local News

දෙසැම්බර් 31ට කලින් ශ්‍රීලංකාවේ ප්‍රභල භූ කම්පනයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියන් සාගරයේ රටවල් 11 ක දරුණු භූ කම්පනයක් ඇතිවීමේ අවධානම්ක් ඇතැයි ඉන්දියාවේ භූ විද්‍යා හා අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනයක් අනතුරු අගවා තිබේ.

මෙම භූ කම්පනය දෙසැම්බර් 31ට ප්‍රථම ඇතිවීමේ හැකියාවක් ඇති බවත් එහිදී එම රටවල් වල වෙරළබඩ ප්‍රදේශවලට දැඩි හානියක් ඇතිවීමේ අවධානමක් ඇති බවත් එම පර්යේෂණ ආයතනය පෙන්වා දී තිබේ.

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත වාර්ථාවක් ලබාදෙමින් ඉන්දීය භූ විද්‍යා හා අභ්‍යවකාශ ආයතනයක් මෙම අනතුරු ඇගවීම සිදුකර ඇත.

ශ්‍රීලංකාව,ඉන්දියාව,පකිස්තානය,චීනය,ජපානය,බංග්ලාදේශය,ඇෆ්ගනිස්තානය,තායිලන්තය,ඉන්දුනීසියාව හා ගල්ෆ් කලාපීය රටවල මෙම භූ කම්පනය ඇතිවිය හැකි බවයි වාර්ථා වන්නේ.

මෙම භූ කම්පනය ඇති වුවහොත් අදාළ රටවල මුහුදුබඩ සීමාව වෙනස්විය හැකි බවද සඳහන්.

එමෙන්ම මෙම භූ කම්පනය ඇතිවන කාලයේ අධික වැසි පතිත වන බවත් පැයට කිලෝමීටර 120 -150 ත් අතර වේගයෙන් සුළං හමන බවත් එම වාර්ථාවේ සදහන්.

එම නිසා ආසියානු කළාපීය රටවල් මෙම අනතුරු ඇගවීම පිළිබද අවධානය යොමු කරන ලෙසද එම පර්යේෂණ ආයතනය ඉල්ලීමක් කර තිබෙනවා.

 

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *