Sport News

දික්වැල්ලට තරඟ තහනමක්?ඉන්දීය මාධ්‍ය දික්වැල්ලව පතුරු ගහයි

ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් තරඟය අද ජය පරාජයකින් තොරව අවසන් වුනා.

ඒ අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරඟය නතර කර දැමීම හේතුවෙන්.තරඟය නතර කරන විට ශ්‍රීලංකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7කට ලකුණු 75ක් ලබාගන සිටියා.

මෙම තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රීලංකා කණ්ඩායම ඉන්දියාවට පන්දුවට පහර දීමට ආරාධනා කලා.

පළමු දවස් 2 තුළදීම වර්ශාව හේතුවෙන් පන්දුවාර 20කට වඩා යැවිමට නොහැකි වූ අතර ඉන්දියාව පළමු ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 172ක් පමණි.එහිදී සුරංග ලක්මාල් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 4ක් දවා ගත්තා.

ශ්‍රීලංකා පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 292ක් ලබාගත් අතර එම ලකුණු තුළින් වැඩිම ලකුණු ලබාගත්තේ රංගන හේරත්.ඒ ලකුණු 65ක්.

දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම කඩුලු 8කට ලකුණු 352ක් ලබාගත්තේ විරාට් කෝලිගේ විශිෂ්ට ශතකය හේතුවෙන්.ශිකර් දවාන් ලකුණු 94යි.

පන්දු යැවීම වෙනුවෙන් දසුන් චානක හා සුරංග ලක්මාල් කඩුලු 3 බැගින් ලබාගත්තා.

තරඟය ජයග්‍රහණය කිරීමට ලකුණු 231ක් ශ්‍රීලංකාවට ලබාදෙමින් ඉනිම අත් හිටුවන වනවිට ඉන්දියාවෙ ලකුණු පුවරුව 352ක් ලෙස සටහන් වුනා.

කෙසේවෙතත් අද දිනයේදී තවත් පන්දුවාර 45ක් පමණ යැවීමට නියමිතව තිබුනත් පන්දුවාර 27කින් පමණක් ශ්‍රීලංකා ඉනිමට මුහුණදීමට සිදුවූයේ අයහපත් ආලෝක තත්වය හේතුවෙන්.

මෙහිදී ඉන්දියානුවන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර ශ්‍රීලංකා මුල්පෙළ කඩුලු 7ම ලකුණු 75ක් තුළ දවාගැනීමට ඔවුන් සමත් වුනා.බූනේශ්වර් කුමාර් ලකුණු 8කට කඩුලු 4ක් දවාගත්තේ ඉන්දියානුවන් ජය මාවතට ගෙන එමින්.

කෙසේවෙතත් අයහපත් කාලගුණික තත්වය ශ්‍රීලංකාවට වාසනාවක් වූ අතර ඒ හේතුවෙන් තරඟය ජය පරාජයකින් තොරව අවසන් වුනා.

මෙම තරඟය අතරතුර ශ්‍රීලංකා පිතිකරු නිරෝශන් දික්වැල්ලගේ හැසිරීම පිළිබඳව ඉන්දීය ක්‍රීඩකයන් දැඩි අප්‍රසාදය පලකරන අයුරු දැකගන්නට හැකි වූ අතර එයට හේතු වූයේ ඔහු හිතාමතා තරඟය පමාකරන බවට චෝදනා කිරීමයි.

එම අවස්ථාවේ ඉන්දීය පන්දු යවන්නා වූ මොහොමඩ් ශාමි දෙවතාවක්ම නිරෝශන් දික්වැල්ල සමඟ වචන හුවමාරුවක් සිදු වූ අතර ඉන්දීය නායක විරාට් කෝලිද ඊට මැදිහත් වන අයුරු දැකගන්නට හැකි වුවා.කෙසේවෙතත් එම අවස්ථාවේ දික්වැල්ලට විනිසුරුවරයාගෙ අවවාද කිරීම හමුවේ නැවත තරඟය ආරම්භ වුනා.

හිතාමතා තරඟය ප්‍රමාද කිරීම හේතුවෙන් නිරෝශන් දික්වැල්ලට දඩ මුදලක් හෝ තරඟ තහනමක් පනවනු ඇතැයි ක්‍රිකට් විචාරකයන් පැවසුවා.මේ පිළිබඳ අවසන් තීරණයක් තවමත් ගෙන නැහැ.

කෙසේවෙතත් මේ සම්බන්ධව ඉන්දීය සමාජ මාධ්‍ය තුළ දික්වැල්ලව දැඩි ලෙස විවේචනය කර තිබූ අයුරු දැකගන්නට හැකි වූ අතර එහිදී බොහෝ ඉන්දියානුවන් චෝදනා කර සිටියේ දික්වැල්ල වංචනිකයෙක් බවයි.

ඊයේ දිනයේ දී පන්දුවට පහරදුන් දිල්රුවන් පෙරේරාද රිවීව් අවස්ථාවක් ලබාගැනීමට ශ්‍රීලංකා ක්‍රීඩාගාරයේ සහයෝගය ලබාගත්තා යැයිද ඉන්දියානු මාධ්‍ය චෝදනා කලා.

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *