Sport News

දික්වැල්ල කරපු දේ හරි.ඉන්දියාවෙ ප්‍රභලයෙක් ශ්‍රීලංකාව වෙනුවෙන් කට අරියි

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනයේ අග බාගය තුළ ශ්‍රීලංකාව පන්දුවට පහර දීමට වැඩි කාලයක් ගැනීම එතරම් ගණන් ගතයුතු කාරණයක් නොවන බව ඉන්දීය ආරම්භක පිතිකරු කේ.එල් රාහුල් පවසයි.

ඔහු පවසන්නේ එම අවස්ථාවේ ඉන්දියාව පන්දුවට පහර දෙමින් හිටියත් සිදු කරන්නේ එය බවයි.

එය සාමාන්‍ය තත්වයක් බවත් එය ක්‍රිකට් ක්‍රීඩාවේ හැටි බවත් කේ.එල් රාහුල් පවසයි.

ඉන්දියාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් පවසන්නේ කිසිදු කණ්ඩායමක් පරාජය වීමට ක්‍රීඩා නොකරන බවයි.

ශ්‍රීලංකා පිතිකරු නිරෝශන් දික්වැල්ල පන්දුවට පහර දීමට වැඩි කාලයක් ගත කරන බව ඉන්දියාවේ ක්‍රීඩකයන් හා මාධ්‍ය පසුගිය ටෙස්ට් තරඟය අවසානයේ චෝදනා කලේය.ඒ සම්බන්ධව අදහස් දක්වමින් කේ.එල් රාහුල් මෙසේ පවසා ඇත.

“ඒක ඇත්තටම සාමාන්‍ය දෙයක්.අපි ඔතන බැට් කර කර හිටියත් අපි කරන්නෙත් කාලය ගත කරන එක.මොකද කිසිම කණ්ඩායමකට ඕන නෑ විහින් පරාද වෙන්න.හැමෝම බලන්නෙ පරාජ නොවී ඉන්න.ඒ නිසා ශ්‍රීලංකා ක්‍රීඩකයො වැඩි කාලයක් ගත්තා කියන එක පුදුම වෙන්න දෙයක් නෙවේ.මේක පැමිණිලි කරන්න හේතුවකුත් නෙවේ”

ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරඟය ජය පරාජයකින් තොරව අවසන් විය.එම තරඟයේ ප්‍රථම ඉණිම වෙනුවෙන් ඉන්දියාව රැස් කරේ ලකුණු 172ක් පමණි.පිළිතුරු ලෙස ශ්‍රීලංකව ලකුණු 294ක් රැස් කල අතර ලකුණු 122ක වාසියක් ඔවුන් රැස්කරගන සිටියහ.එහෙත් ඉන්දීය නායක විරාට් කෝලිගේ දක්ශ පන්දුවට පහර දීම නිසා ඉන්දියාව දෙවන ඉණිම වෙනුවෙන් කඩුලු 8කට ලකුණු 352ක් රැස් කලේය.

තරඟය ජයග්‍රහණය සදහා ලකුණු 231ක් ගබා ගිය ශ්‍රිලංකාවට රැස්කරගත හැකි වූයේ කඩුලු 7කට ලකුණු 75ක් පමණි.අයහපත් කාලගුණය හේතුවෙන් තරඟය නතර කිරීම නිසා ප්‍රථම ටෙස්ට් තරඟය ජය පරාජයකින් තොරව අවසන් විය.

දෙරට අතර දෙවන ටෙස්ට් තරඟය ලබන 24 වනදා නාග්පූර් හී පැවැත්වේ.

 

 

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *