Politic News

මහරාජගෙ අබලන් නැව නිසා සිරිසේනගෙ පවුල කචල්

ඇමරිකාවෙන් එකක් ද, ඉන්දියාවෙන් තව එකක් ද, ජපානයෙන් දෙකක් ද, ලෙස වෙරළාරක්ෂක නෞකා (OPV -Offshore Patrol Vessels) 4 ක් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දී තිබියදී ජනධිපති බෑණා- මහාරාජා කල්ලියට කොමිස් කෑමේ පරම චේතනාව නිසාම ශ්‍රී ලංකාවේ නාවික හමුදාව ‘එපා‘ යයි කියන රුසියානු වෙරළාරක්ෂක නෞකාව රුපියල් බිලියන 24 කට අධික ණය කන්දක් සමග මිලදී ගැනීමට සියළු කටයුතු සූදානම් කරමින් සිටී.

සන්ඩේ ටයිම්ස් සති අන්ත පුවත්පත වාර්තා කරන පරිදි මෙම කූඨ ගණුදෙනුව ගැන අවසන් සාකච්ඡා නිමා කර ගිවිසුම් අත්සන් කිරීම සඳහා රුසියාවේ අවි ගණු දෙනු කරන ඒජන්සිය වන “Rosoborono export“ හි ප්‍රධානියා වන ඇලෙක්සැන්ඩර් ඇලෙක්සැන්ඩ්‍රොවිච් මික්හීව් නමැත්තා ලංකාවට පැමිණීමට නියමිත ය.

දැනට ජර්මනියේ තානාපති ධූරය දරණ හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පසුගියදා පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයෙකුට තමන්ට ආරක්ෂක ලේකම් ධූරය අහිමි වීමට හේතු කියා තිබිණ.කිලී මහාරාජාගේ ආයුධ ඩීල් වෙනුවෙන් කටයුතු කරන ෂෙවාන් ඩැනියල් නමැත්තා තමා හමුවී රුසියානු යුද ටැංකි මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව ක්‍රියා කරන ලෙස කීවේ යැයි කරුණාසේන පවසා තිබේ.

ෂෙවාන් ඩැනියෙල්ව කරුණාසේන වෙත එවා තිබුනේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑණා වන තිලිණ සුරංජිත් බවද කරුණාසේන හෙට්ටිආරච්චි හෙලිකර තිබේ.

තමා ෂෙවාන් ඩැනියල්ව එළවා ගැනීමේ ප්‍රතිඵලය වූයේ තමන්ට ආරක්ෂක ලේකම් ධූරය අහිමි වීම බවද කරුණාසේන හෙට්ටිආරච්චි පාපෝච්චාරණය කර ඇත.

අවසානයේ හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිගේ හෙළිදරවුවෙන් අපහසුතාවයට පත් ජනාධිපති සිරිසේන බෑණාගේ රෙදි ගලවා ඇති අතර මහරාජාගේ හැම අසූචි පොච්චියම උස්සනඩ යන්ඩ එපා යැයි බෑණාට පවසා ඇත.එහෙත් නෑව් ඩීල් රස කවා ඇති තිලින සුරංජිත්ට මෙය අත හැරීමට නොහැකි තැනට පත්වීම නිසා චතුරිකා සිරිසේනද මෙම සිද්ධියට මැදිහත් වී ඇත.

ජනාධිපති සිරිසේනට පහුවී මොලේ පෑදුනද චතුරිකාට සැමියාට වඩා මේ මොහොතේ ජනාධිපති තාත්තාගේ කීමට එකග වීමට සිදුවීම නිසා පවුල් ජීවිතයටද බලපෑම් ඇති වී ඇති බව වාර්තා වේ.තිලිනගේ දුරකථන ඇමතුම්වලටද චතුරිකා ප්‍රතිචාර නොදක්වන තත්වයට මහරාජාගේ නෑව පවුල් අවුලක් කර ඇති බව දැන ගන්නට ලැබේ.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *