Politic News

මහින්ද මෛත්‍රී එකතු වෙයි.බැසිල් අකමැති වෙයි

ශ්‍රීලංකා නිදහස් පක්ශය හා ඒකාබද්ධ විපක්ශය අතර මේ දිනවල පවත්වන සාකච්ජා සාර්ථක වෙමින් පවතින බව වාර්ථා වේ.

මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය හා මහින්ද රාජපක්ශ පාර්ශ්වය අතර පසුගිය දින කිහිපය තුළම සාකච්ජා වට කිහිපයක් පැවත් වූ අතර එහිදී ඉදිරි මැතිවරණයට දෙපාර්ශ්වයම එක්ව තරඟ කිරීමට එකඟතාවයට පැමිණ ඇත.

එහෙත් මහින්ද රාජපක්ශ මහතාගේ පාර්ශ්වයෙන් කොන්දේසි කිහිපයක් මේ වනවිට ඉදිරිපත් කර ඇති අතර ඒ කොන්දේසි වලට යහපත් ප්‍රතිචාරයක් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයෙන් ලැබී ඇත.

ඒ අතර ප්‍රධාන කොන්දේසියක් වන්නේ හවුල් ආණ්ඩුවෙන් ශ්‍රීලංකා නිදහස් පක්ශය ඉවත්විය යුතු බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ශය අතර මේ වනවිට දැවැන්ත ගැටුමක් නිර්මාණය වී ඇති අතර එය පිටම ප්‍රකාශ කරන තත්වයට දෙපාර්ශ්වයම පත්ව ඇත.

පෙරේදා(22)එජාප අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කරේ එක්සත් ජාතික පක්ශය බිහිකරපු ජනාධිපතිවරයා මේ වනවිට එක්සත් ජාතික පක්ශයට විරුද්ධව කටයුතු කරන බවයි.

ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් ඇතුළු එජාප මන්ත්‍රීවරු දැඩි කළකිරීමකින් සිටින බවද එහිදී ප්‍රකාශ කලේය.

මහබැංකු සොරකම ගැන කොමිසම් පත්කල නමුත් මිග් ගණුදෙනුව,නැව් ගණුදෙනුව ඇඩ්වර්ටයිසින් ආයතන වල ගණුදෙණු ගැන සෙවීමට කිසිදු කොමිසමක් ජනාධිපතිවරයා පත්නොකරන්නේ මන්දැයි සූජීව සේනසිංහ මහතා ප්‍රශ්ණ කරයි.

මීය විරුද්ධව ජනාධිපතිවරයා අද නිකවැරටියේදී දැඩි ප්‍රහාරයක් ඒජාප මන්ත්‍රීවරුන්ට එල්ල කල අතර දූෂණයට විරුද්ධව සටන මෙහෙයවීමට තමන් කිසි ලෙසකත් පසුබට නොවන බව එහිදී අනාවරණය කලේය.

කෙසේවෙතත් මේ වනවිට ඒකාබද්ධ විපක්ශයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා සමඟ එක්වීමට සූදානම් බැවින් ඉදිරියේදී එක්සත් ජාතික පක්ශයෙන් වෙන්ව ශ්‍රීලංකා නිදහස් පක්ශය ප්‍රමුඛ ආණ්ඩුවක් නිර්මාණය කිරීමටද ශ්‍රීලංකා නිදහස් පක්ශයේ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුව ඇත.

එහෙත් ශ්‍රීලංකා නිදහස් පක්ශය සමඟ එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට බැසිල් රාජපක්ශ මහතා දැඩි ලෙස විරුද්ධ වී ඇති බව වාර්ථා වේ.

 

 

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *