Sport News

චන්දිමාල්ගෙන් පසු වැඩිම ඇවරේජ් එක සුරංගගෙන්.ඉන්දියාවට ගිහින් පිස්සු කෙළින පිතිකරුවො ලිස්ට් එක මෙන්න

ශ්‍රීලංකා කණ්ඩායම මේ දිනවල ඉන්දියාවෙ සංචාරයක නිරත වෙමින් පාසැල් මට්ටමේ ක්‍රීඩා කණ්ඩායමක් ක්‍රීඩා කරන ආකාරය දැකගත හැකිය.

ශ්‍රීලංකා ඉන්දියා දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රීලංකාව අන්ත පරාජයක ලැබූ අතර එය ඉතිහාසයේ ලැබූ දරුණතම පරාජය වේ.එය ඉන්දියාව ලැබූ දෙවන විශාලතම ජයග්‍රහණය වේ.

ශ්‍රීලංකා කණ්ඩායමේ දුර්වල පිතිකරු ලැයිස්තුව ගැන අමුතුවෙන් සඳහන් කලයුතු නැත.පසුගිය කාලය පුරාම ශ්‍රීලංකා කණ්ඩායමේ දුර්වල පිතිකරණ රටාවන් දැකගත හැකි වූ අතර දිමුත් කරුණාරත්න,දිනේශ් චන්දිමාල් හා අසේල ගුණරත්න පමණක් යම් දක්ශතාවක් දැක්විය.

ඉන්දියා ශ්‍රීලංකා ටෙස්ට් තරඟ 2හි ඉනිමවල් 4 තුළදී ශ්‍රීලංකා ක්‍රීඩකයන් ලබා ඇති ලකුණු දෙස බැලූ විට පාසැල් කණ්ඩායමක් මීට වඩා හොඳ බව ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය.මෙම ඉනිමවල් 4 තුළදී වැඩිම ලකුණු ලබාගන ඇත්තේ දිනේශ් චන්දිමාල්ය.ඒ ලකුණු 166කි.චන්දිමාල් එක් ඉනිමක ලැබූ ලකුණු සාමාන්‍ය 41.5කි

එක් ඉනිමක ලැබූ සාමාන්‍යයෙන් දෙවනි ස්ථානයේ සිටින්නේ ශ්‍රීලංකා කණ්ඩායමේ අංක 10 පිතිකරු මෙන්න වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ය.ඔහු ඉනිමවල් 3ක දී ලකුණු 64ක් ලබාගන ඇති අතර අන්තිම ඉණිමේ දී ලකුණු 31ක් නොදැවී ලබා ගත්තේය.ඔහුගේ ඉණිමක සාමාන්‍ය ලකුණු ලබාගැනීම 32.0කි.

ශ්‍රීලංකා කණ්ඩායමේ අනිකුත් ක්‍රීඩකයන්  ඉණිමවල් 4 තුළදී ලබාගත් ලකුණු ප්‍රමාණය හා එක් ඉණිමක සාමාන්‍ය ලකුණු ප්‍රමාණය පහත පරිදි වේ.

1 සදීර සමරවික්‍රම – 23,0,13,0 =ave 9.0

2 දිමුත් කරුණාරත්න – 8,1,51,18=ave 19.5

3 ලහිරු තිරිමාන්න – 51,7,9,23 = ave 22.5

4 ඇන්ජලෝ මැතිව්ස් – 52,12,10,10=ave 21

5 දිනේශ් චන්දිමාල් – 28,20,57,61=ave 41.5

6 නිරෝශන් දික්වැල්ල – 35,27,24,4= ave 22

7 දසුන් චානක – 0,6*,2,17 =ave 8.3

8 දිල්රුවන් පෙරේරා – 5,0,15,0 = ave 5

9 රංගන හේරත් – 67,0*,4,0 =ave 23.6

10 සුරංග ලක්මාල් – 16,17,31* =ave 32.0

11 ලහිරු ගමගේ – 0,0*,0 = ave 0

ඉහත දක්වා ඇති ලකුණු සටහන බැලූ විට මෙය රටක් නියෝජනය කරන ක්‍රිකට් කණ්ඩායමක්ද යන්න තව දුරටත් සිතිය යුතු වේ.සැබවින්ම ඉන්දියාව පහසුවෙන්ම ශ්‍රීලංකාව පරාජය කරන්නේ ඉන්දියාවෙ දක්ශතාවයට වඩා ශ්‍රීලංකාවේ අදක්ශතාවය නිසා බව පැහැදිලිය.කණ්ඩායමේ නමට ජේෂ්ඨයන් යැයි කියා වසරකට කෝටි ගාණක් ක්‍රිකට් ආයතනයෙන් පඩි ගන්න ක්‍රීඩකයන් ඉවතට දමා නවකයෙක්ට හැදීමට ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අවස්ථාව නොදීම කණගාටුවට කරුණකි.

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *