Sport News

තරංග හදිසියේ ලංකාවට.නායකත්වය වෙනස් කිරීම ගැනත් සාකච්ජාවක්

බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක්ව සිටින ශ්‍රීලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග හදිසියේ නැවත ශ්‍රීලංකාවට පැමිණ තිබෙනවා.

ඒ ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය සම්බන්ධයෙන් විශේෂ තීරණ කිහිපයක් ගැනීමටයි.

ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියට එක්වන සංචිතය නම්කිරීම ඇතුළු විශේෂ කරුණු කිහිපයක් පිළිබද උපුල් තරංග හා ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අතර සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි.

මේ අතර ශ්‍රීලංකා කණ්ඩායමේ නායකත්වය වෙනස් කීරීම සම්බන්ධයෙන්ද විශේෂ තීරණයක් ගැනීමට නියමිත බව පසුගිය සතියේ ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පැවසුවා.

ඒ සම්බන්ධව විශේෂ සාකච්ජාවක් එළබෙන 28 වන්දා පැවැත්වෙන බව තේරීම් කමිටු ප්‍රධානී ග්‍රැහැම් ලැබරෝයි පැවසුවේ.

මේ සම්බන්ධව ශ්‍රීලංකා වත්මන් නායක උපු තරංග සමඟද සාකච්ජාවක් පැවැත්වීමට නියමිත බවයි වාර්ථා වන්නේ.

උපුල් තරංගගෙ නායකත්වය යටතේ දිගින් දිගිටම එක්දින තරඟ ගණනාවක් පරාජය වූ අතර ඔහු නායකත්වය දුන් එක්දින තරඟ 22න් ජයග්‍රහණය කර ඇත්තේ තරඟ 5ක් පමණයි.

එහෙත් ඔහු නායකත්වය දැරූ පසුගිය කාලය පුරාම ශ්‍රීලංකා කණ්ඩායමේ සිටි ප්‍රභල ක්‍රීඩකයන් රාශියක්ම ආබාද වලට ගොදුරු වී සිටියා.

එක්දින නායකත්වය බොහෝ දුරට ශ්‍රීලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට නැවත ලබාදෙනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ.

එහෙත් ශ්‍රීලංකා ටෙස්ට් නායක දිනේශ් චන්දිමාල්,කඩුලු රකින ක්‍රීඩක නිරෝශන් දික්වැල්ල හා ලහිරු තිරිමාන්න යන ක්‍රීඩකයන්ද නායකත්වයට නම් කිරීම කෙරෙහි සාකච්ජා වී තිබේ.

මේ අතර ඉන්දීය මාධ්‍ය කිහිපයක් වාර්ථා කර තිබූනේ ශ්‍රීලංකා එක්දින නායකත්වය ලබාදීමට වැඩි අවධානයක් යොමුව ඇත්තේ ශ්‍රීලංකා ක්‍රීඩක තිසර පෙරේරාට හා අසේල ගුණරත්නට බවයි.

තිසර පෙරේරා පසුගිය පකිස්තාන 20/20 තරඟාවලියේ නායකත්වයද දැරූ අතර ඔහුගේ නායකත්වය පිළිබද ජාත්‍යන්තර විචාරකයන්ද පැසසුම් එක්කර තිබුනා.

ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා සංචිතය මේ මස 30 වනදා නම් කිරීමට නියමිතය.

එම තරඟාවලිය සඳහා පසුගිය කාලයේ ආබාද වලට ගොදුරුව සිටි කුසල් ජනිත් පෙරේරා,අසේල ගුණරත්න එක්වනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වාර්ථා කලේ.

 

 

 

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *