Health

පැහැපත් වෙන්න ඕනි නම් නොකළ යුතුම දේවල් සමේ විශේෂඥයින් පවා සඟවන රහස්

ලස්සන වෙන්න ගන්න උත්සහයේදී වැදගත්ම දේ තමයි අපේ සම.ඒකනේ කට්ටිය සුදු වෙන්නත් මෙච්චර දගලන්නේ.හැබයි සිද්ද වෙන්න ඕනි සුදු වෙන එක නෙවේ පැහැපත් වෙන එකයි.රූපලාවනයෙදී වගේම සෞඛ්‍යයේදිත් මුල් තැන දෙන්නෙ පැහැපත් වෙන්න මිසක් සුදු වෙන්න නෙවෙයි.අපේ සම තලෙලු සමක්.ඒ නිසා කොහොමත් සුදු සමක් කියන්නෙ අපිට ගැලපෙන සමක් නෙවේ.කලු සමට හුරු අපේ තලෙලු සමේ සැබෑ ලස්සන තියෙන්නෙ පැහැපත් වීමෙනුයි.ඒ නිසා තමයි සම පිලිබද විශේෂඥයින් වයිට්නින් ක්‍රීම් ප්‍රතික්ශේප කරලා ෆෙයාර්නස් ක්‍රීම් නිර්දේශ කරන්නේ.

සමේ ලස්සන ගැන පැහැපත් බව ගැන කතා කරද්දි අපි මූලික තැන දෙන්නෙ අපේ මූනට.මොකද අපේ ලස්සනේ වැඩි කාර්යභාරයක් සිද්ද් වෙන්නෙ මුහුනෙන්.ඒ නිසා මූන ලස්සනට තියා ගන්න මූන සුදු කරගන්න තමයි ගැහැනු ලමයි වැඩි හරියක් උත්සහ කරන්නෙ.ක්‍රීම් එකක් ගාපු පමනින් මූනේ ලස්සන රැක ගන්න බෑ කියලා කට්ටිය දන්නවා.ඒ නිසා ඉතින් මූනෙ පෙනුම රැක ගන්න නොකරන දෙයක් නෑ.එහිදී කරන දේවල් හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්.හැබැයි හුගක් අය දන්නෙ නෑ මූනට කරන හුගක් සත්කාර නිසා අහිතකර ප්‍රතිපල ලැබෙනවා කියලා.ඒ නිසා ඒ දෙවල් ගැන හරියට නොදැන කලොත් සිදු වෙන්නේ තියෙන ලස්සනත් නැති වෙලා යන එකයි.මූනට කරන බාහිර සත්කාර වගේම සිරුරේ අභ්‍යන්තරයට අපි ආහාර වශයෙන් ලබා දෙන දේවලුත් වැදගත් මෙහෙයක් කරනවා.ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි.

මූන ක්ලෙන්සර් කරන එක කවුරුත් කරනවා.එ් මගින් මුහුනේ සමේ රැදුනු කුනු දුවිලි හොදින් ඉවත් වෙනවා.නිවෙසින් පිටට ගිහින් ආවාට පසු මූන ක්ලෙන්සර් කරන එක අනිවාර්යෙන්ම කරන්න කියන්නෙ ඒ නිසයි.හැබැයි හරිම ක්‍රමය වන්නේ දෙසැරයක් ක්ලෙන්සර් කිරීමයි.පලමුවෙන්ම තෙල් සහිත ක්ලෙන්සර් එකකින් ක්ලෙන්සර් කරන්න ඕනී.පසුව ෆේශ් වොශ් එකකින් ක්ලෙන්සර් කරන්න ඕනි.එතකොට තයි මුහුනේ සමේ යටටම ගිහින් හොදින් පිරිසුදු වෙන්නේ.මේකප් කරන අය නම් මේ විදිහට ක්ලෙන්සර් කල යුතුමයි.එතකොට තමයි මේකප් හොදින්ම ඉවත් වෙන්නේ.එ් මගින් මුහුනේ සමේ තරුනකමත් හොදින් ආරක්ශා වෙනවා.සමේ අහැට නොපෙනෙන සිදුරු තුල තිබෙන කුනු දූවිලි හොදින්ම සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නේ එතකොටයි.

මොයිශ්චරයිසර් එකක් පාවිච්චි කිරීමත් හැම ගැහැනු ලමයෙක්ම කරනවා.සමේ වෙහෙසකර බව නැති කරලා සමට නැවුම් පෙනුමක් දෙන්න මොයිශ්චරයිසර් එකකට පුලුවන්.මුහුනේ සමේ තෙතමනය හොදින්ම රකිනවා වගේම සමට ආරක්ශාවත් ලැබෙනවා.මුහුනේ සිදුරු වහනවා.අනෙක තමයි මුහුනේ සමේ PH අගය සමබර කරන්නත් මොයිශ්චරයිසර් එකකට පුලුවන්.සම පිලිබද විශේෂඥයින් කියන්නේ මුහුනේ සමේ ලොකුම රහස තියෙන්නෙ මොයිශ්චරයිසර් එකේ කියලයි.

මාසයකට දෙසරයක් විතර ෆේශල් එකක් කරගන්න පුලුවන් නම් තමයි හොද.මුහුනේ සමේ රුධිර සංසරණය හොදින් සිද්ද වෙන්න ෆේශල් එකක් කරන එක හොදයි.එමගින් සම වයසට යෑම වලක්වනවා වගේම රැලි වැටිම් දුරු කරවල සම ආරක්ශා කරවනවා.

මාස්ක් එකක් කියන්නෙත් සමට හොද සත්කාරයක්.මේ වෙද්දි වෙලෙද පොලේ එක එක නම් වලින් නිශ්පාදනය කරපු මාස්ක් වර්ග තියෙනවා.හැබැයි ඉතින් එවා කෘතීමයි.ඒ නිසා හොදම දේ වන්නේ ස්වාභාවික මාස්ක් සත්කාරයක් කරන එකයි.සතියකට දෙසැරයක් වගේ මී පැනි මාස්ක් එකක් දාන්න පුලුවන් නම් හොදයි.දුබුරු සීනි වලට පොල්තෙල් දාලා හදන මිශ්‍රනයත් හොද මාස්ක් එකක්.වියලි සමක් තියෙන කෙනෙක් නම් ඒ මිශ්‍රනයටම කිරි ටිකක් හරි පිපිඤ්ඤා පෙත්තක් හරි මිශ්‍ර කරලා ගාන්න පුලුවන්.

අපේ කට්ටිය ව්‍යායාම කරන්නේ ඇග කෙට්ටු වෙන්නයි බඩ අඩු කරගන්නයි ෆිට්නස් හදා ගන්නයි ඕවටනෙ.හැබැයි ව්‍යායාම කිරීමෙන් අපි නොහිතන විදිහේ වාසි අපිට ලැබෙනවා.මේ කියන්නෙත් ඒ වගේ දෙයක්.හොදින් ව්‍යායාම කරන අයගේ සම ලස්සනයි.හොදින් දාඩිය දාන නිසා සමේ තියෙන විස දාඩියත් එක්ක පිට වෙනවා.ඒ වගේම මුහුනේ සමේ පවා හොද රුධිර සංසරණයත් හොදින් සිද්ද වෙනවා.එවිට අපි කරන අනිත් බාහිර සත්කාර පවා මුහුනට හොදින් උරාගෙන එවා හොදින් ක්‍රියාත්මක වෙලා හොද ප්‍රතිපලයක් ලැබෙනවා.

බාහිර සත්කාර වගේම ශරීර අභ්‍යන්තරයට කරන සත්කාරත් මුහුනේ ලස්සන වීමට බලපානවා.එහිදී වතුර වලට ලොකු වැදගත්කමක් ලැබෙනවා.වතුර වීදුරු 8ක් දවසකට බොන්න කියල තමයි වෛද්‍යවරු නිර්දේශ කරන්නේ.එවිට හොදින් දාඩිය සහ මුත්‍රා පිට වන නිසා ශරීරයේ විස ඉවත් වෙලා සම පැහැපත් කරවනවා.

ඒ වගේම තමයි කැෆේන් පාන වලින් ඉවත් වීමත් වැදගත්.මොකද කැෆේන් මගින් සමේ තෙතමය නැති කරල රැලි වැටීම් ඇති කරවල සමේ තරුනකම දුරු කරවනව.එතකොට වයසට වැඩිය වයස පාට පේන්න ගන්නවා.සාමාන්‍යයෙන් අපි කැෆේන් අඩංගු පානයක් විදිහට නිතර බොන්නෙ කෝපී.ඊට අමතරව කැෆේ බීම කිරි මිශ්‍ර කැෆේ පානත් අපි නිතර බොනවා.මුහුනේ සම ගැන හිතන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කැෆේ පාන වලින් වලකින්නම ඕනී. කොහොමත් අපේ ගැනු ලමයි කැෆේ පාන වලට ලොකු ඇබ්බැහි වීමක් තියෙනවා.පේස්ට්‍රි ශොප් එකකට ගිහින් ශෝට් ඊට්ස් කන්නෙත් කැෆේ එකක් බොන ගමන්.එ්ත් ඒ ගොල්ලො දන්නෙ නෑ ඒකෙන් තමන් මේ රැක ගන්න හදන සමට සිද්ද වෙන හානිය ගැන.කොයි තරම් බාහිරින් සත්කාර කලත් වැඩක් නෑ මේ වගේ නොදැනුවත්කම නිසා වැරදි සිදු වෙද්දී.ඒ නිසා මේ දෙවල් ගැන දැන ගෙන ඉන්න එක තමයි නුවනට හුරු.

අනෙක් වැදගත්ම දේ තමයි සීනි වලින් වැලකීම.සීනි අඩංගු ආහාර පාන පැනි රස කෑම සමේ ලස්සන නැති කරවනවා.සමේ් රැලි ඇති කරවනවා.ඇක්නි පිග්මන්ටේශන් කුරුලෑ ඇති කරවනවා.හරියටම කියනවා නම් දැන් සීනි හදුන්වන්නේ නවීන කොකේන් කියලයි.දන්නවනේ කොකේන් බොන අයගේ පෙනුම කොහොමද කියලා.ඉතින් ඒ තරමටම අහිතකර දෙයක් තමයි සීනි කියන්නේ.
එහෙනම් දැන් ඔබටම හිතන්න පුලුවන් ඔබේ සම රැක ගන්න කළ යුතු මොනවද නොකල යුතු මොනවද කියලා.වැදගත්ම දේ තමයි නොකළ යුතු දේවල් වලින වැලකීම.මොකද සමට හානි කරන්නේ ඒ දේවල්.හානියක් වුණාට පස්සෙ යථා තත්වයට ඒම හරි අපහසුයි.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *