Health

සිගරට් බිව්වම පිළිකා හැදෙනවා විතරද මෙන්න ඔබේ ජීවිතේට වෙන්න පුළුවන් ලොකුම ප්‍රශ්න

සිගරට් බොන්න එපා කියලා කොච්චර කිව්වත් බොන කෙනා බොනවමයි.මොකද සිගරට් කියන්නෙ ඇබ්බැහිවීමක්.ඇබ්බැහි වුනාට පස්සෙ ඒකෙන් මිදෙන්න ලේසියෙන් බැහැ.සිගරට් පැකැට් එකේ පවා පින්තූර සහිතවම සදහන් කරලා තියෙනවා දුම්බීම පිලිකා ඇති කරයි කියලා.ඒ වුනත් ඒ ඇබ්බැහිවීමෙන් මිදෙන්නෙ නෑ ලේසියෙන් කවුරුත්.හැබැයි ඉතින් පිලිකා රෝග අතර ප්‍රමුක පිලිකාවක් විදියට මුක පිලිකාවත් පෙනහලු පිළිකාවත් ඉදිරියට ඇවිත් තියෙනවා.ඒ විතරක් නෙවෙයි දුම් පානය නිසා වැලදෙන පිලිකා වර්ග 20කට වැඩි ප්‍රමානයක් හදුනා ගෙන තියෙනවා.මුක පිලිකාව තොල් පිකිකාව නහයේ පිලිකාව පෙනහලු පිලිකාව දත් කුහර පිලිකාව අග්න්‍යාස පිලිකාව බඩේ පිලිකාව අක්මාවේ පිලිකාව වකුගඩු පිලිකාව ආදී වශයෙන් පිලිකා වර්ග රැසක් දුම් පානය නිසා ඇති වෙනවා.
දුම් පානයෙ අතුරුපල දුම් බොන්නාට විතරක් නෙවෙයි.දුම් බොන කෙනෙක් ලග ඉදීම පවා අනතුරු දායකයි.දරුවන්ට මෙහි අවදානම වැඩි.විශේශයෙන්ම ගැබිනි මව්වරුන් අසලදී නිතර දුම් පානය සිදු වෙනවා නම් එහි අතුරු ප්‍රතිපල ඒ දරුවාටත් විඳින්න සිදු වෙන්න පුලුවන්.කාන්තවන් දුම් පානය කරනවා නම් එය පිරිමින් දුම් පානය කරනවට වඩා වැඩි ගුනයකින් අවදානම් සහගත බව තමයි වෛද්‍යවරුන් කියන්නේ.එය ගැබ් ගෙල පිලිකා ඇති කිරීමට පවා හේතුවක් වෙන්න පුලුවන්.ඊට අමතරව දුම් බොන කාන්තාවන්ගෙ සරු බව අඩු වීමටත් වැඩි ඉඩක් තිබෙනවා.ගර්බනී බවත් අනතුරුදායකයි.උපදින දරුවත් අනතුරේ. බිහි වීමට පෙර දරුවා මිය යාම හෙවත් මල දරු උපත් සිදු වීමටත් වැඩි ඉඩක් පවතිනවා.ඊට අමතරව කාන්තාවන්ගේ ආර්තවහරනය නියමිත කාලයට පෙර සිදු වීමත් ආර්තවහරනය ආශ්‍රිත රෝග තත්ව ඇති වීමත් ඔසප් චක්‍රය අක්‍රමවත් වීමත් මෙහිදී සිදු වෙන්න පුලුවන්.තවද පිරිමින්ට සාපේක්ෂව කාන්තවන් දුම්පානය නිසා මානසික පීඩනයත් ආතතියටත් පත් වීමෙ ඉඩත් වැඩි.ඊට අමතරව අස්ති සම්බන්ද ආබාදත් කාන්තාවන්ට වැඩි.
ප්‍රධාන වශයෙන් කියන්නේ දුම් පානය පිලිකා ඇති කරයි කියලයි.මොකද දුම් පානය නිස වෙන්න පුලුවන් ලොකුම ගැටලුව තමයි ඒ.නමුත් ඊට අමතරව තවත් රෝග තත්ව ගනනාවක්ම දුම් පානය නිසා ඇති වෙනවා.පිලිකාවක් නම් හැදෙන්නෙ තව කාලයක්ම ගියාට පස්සෙනෙ..කියලා අනෙක් අවදානම් ගැන නොහිතා දුම් පානයට ඇබ්බැහි වෙන හැමෝම වගේ හැමදාම ලෙඩින්.මේ කියන්නේ ඒ විදිහට දුම් පානයට අමතරව සිදු විය හැකි අවදානම්.තත්ව කිහිපයක් ගැනයි.
• කාලයක් තිස්සෙ දුම් බොන අයගේ ඇස් දුර්වල වෙනවා.අවුරුදු පනහක් හැටක් වගේ වෙද්දි ඇස් අන්ධ වෙන්න වුනත් පුලුවන්.
• ක්ශය රෝගය වැලදීමටත් දුම් පානය හේතුවක්.
• ඇදුම හැදෙන්නෙ සෙම නිසා කියලනෙ අපි හිතන්නෙ.ඒත් දුම් පානය නිසාත් ඇදුම හැදෙනවා.මොකද දුම් පානය පෙනහැල්ලට කෙලින්ම බලපෑම් කරන නිසා.ඇදුම කියන්නෙ පෙනහැල්ල ආශ්‍රිත රෝගයක්.
• දෙවෙනි වර්ගයේ දිය වැඩියාවටත් දුම් පානය හේතුවක දැන් හිතයි දිය වැඩියාව හැදෙන්නෙ පැනි රහ කෑවමනෙ කියලා.ඔන්න ඒ අපි දන්න තරම තමයී.දුම් පානය මගින් දුර්වල වන රුධිරය කකුලට ගියාම දිය වැඩියාව හේතුවෙන් කකුල් කපන්න වුනත් සිදු වෙන්න පුලුවන්.
• මේ කියන්නෙ නම් හුගක් වැදගත් කාරනයක්.අනෙක් ලෙඩ මොනවා වුනත් අපේ කට්ටිය මේ ගැන නම් සැලකිලිමත් වෙයි.දුම් පානය ලින්ගික දුර්වලත ඇති වීමට හේතුවක්.දුම් පානය ම්ගින් අපේ ශරීරයේ රුධිර නාල පටු කරවනවා.ඒ නිසා ලින්ගික ක්‍රියාවලියට අවශ්‍ය ශක්තිය නැති වෙල තෘප්තියක් නැති වෙනවා.
• ඔබ දැකලා ඇති උඩු තොල විකුර්ති වුනු දරුවෝ.එහෙම වෙන්නත් දුම්පානය බලපානවා.එහිදී පියාගේ දුම් පානය වගේම මවගේ දුම් පානයත් බලපාන්න පුලුවන් වයසට වඩා වයස පෙනෙන්නත් දුම් පානය හේතුවක් වෙනවා.එය ගැහැනුන්ට වගේම පිරිමින්ටත් බලපානවා.සම රැලි වැටෙනවා.සමේ ලප කැලැල් ඇති වෙනවා.මොකද දුම් පානය සම දුරවල වෙන්න ප්‍රදාන හේතුවක් නිසා.
• සංවේදනය නැති වෙො යන්න පටන් ගන්නවා.ලින්ගික හැගීම් අඩු වෙනවා වගේම ගද සුවඳ පවා කෙමෙන් කෙමෙන් නැති වෙනවා.කටේ රස නහර පවා දුර්වල වෙලා කෑමක රහ පවා අඩු වෙනවා.
• මොලය දුර්වල වෙනවා.මතකය දුර්වල වෙනවා.
මේ විදිහට එදිනෙදා ජීවිතයේ කටයුතු වලදී පවා මේ දේවල් නිසා බාදා ඇති වෙන්න පුලුවන්.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *