Local News

ආණමඩුව කන්නන්ගර ස්කෝලෙ පිස්සු ප්‍රින්සිපල්

පාසලක විදුහල්පති ධූරයක් දරමින් පිස්සු නටන පුද්ගලයෙකු ගැන පසුගිය දිනක දී අපි අනාවරණය කලෙමු.මොහු පුත්තලම් දිස්ත්‍රීක්කයේ ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ විදුහල්පති ධූරය දරණ පුද්ගලයා වන අතර මේ ඔහුගේ අතීතය සිහිපත් කිරීමකි.

මෙම විදුහල්පතිවරයාට කිසිදු ආකාරයකින් ගුරුවරුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට නොහැකි පුද්ගලයෙකි.මොහු මීට පෙර පාසැල් කීපයක විදුහල්පති ධූරය දරා ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම එම විද්‍යාල වල දරුවන්ගේ දෙමව්පියන් හා ගුරුවරුන් එකතු වී මෙම විදුහල්පතිවරයාව පන්නා දමා ඇත.

කලක් මොහු ආණමඩුව වෙලේවැව විද්‍යාලයේ විදුහල්පතිධූරය දරණ අවධියේ ගුරුවරියෙකුට කුණුහරුපෙන් බැනීම නිසා එම ගුරුවරිය මෙම විදුහල්පතිවරයාට සෙරප්පුවෙන් පහර දී ඇත.එම සිදුවීමෙන් ට්ක කලෙකට පසු මෙම  විදුහල්පතිවරයාගෙ වැඩ තහනම් වී ඇති නමුත් එවකට පළාත් අධ්‍යාපන අධ්‍යක්ශ ධූරය දැරූ අශෝක ජයසිංහ නැමැත්තාට ගොට්ටා අල්ලා නැවතත් මොහුගේ තහනම ඉවත්කර විදුහල්පති වීමට කටයුතු සලසා ගෙන ඇත.

මෙම විදුහල්පතිවරයා රළපනාව හා වෙලේවැව විද්‍යල වල සේවය කර ඇති අතර ඒ සෑම අවස්ථාවකම මොහුව එලවා දැමීමට එම පාසලේ දරුවන්ගෙ දෙමාපියන් හා ගුරුවරුන් කටයුතු කර ඇත.

මෙම පිස්සු පුද්ගලයාව කිසිම පාසලකට පැමිණෙනවාට එම පාසැල්වල දරුවන්ගේ දෙමාපියන් කැමති නැත.වරක් මොහු ආණමඩුව ධර්මපාලය කණිශ්ඨ විද්‍යාලයට විදුහල්පති ධූරය බාරගැනීමට සූදානම් වුවත් එහි දෙමව්පියන් අදාල විදුහල්පතිගේ මූණටම ප්‍රකාශ කර ඇත්තේ මෙම විද්‍යාලයට පැමිණියහොත් අසූචි වලින් පහර දී එලවන බවය.

කෙසේවෙතත් විමල් නැමැති මෙම විදුහල්පතිවරයා පසුගිය කාලයේ අධ්‍යාපන අමාත්‍යධූරය දැරූ සන්ධ්‍යා රාජපක්ශගේ අනුහසින් නැවත ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ විදුහල්පති ලෙස වැඩ බාර ගත්තේය.ඒ මීට මාස 8කට පමණ පෙරය.

ළමුන් 100ක් පමණ හෝ සිටින කුඩා පාසලක් පවා පාලනය කර ගැනීමට නොහැකි මෙම විදුහල්පතිව ප්‍රදේශයේ ළමුන් 2000ක් පමණ සිටින විශාලම පාසලට මාරුකිරීම හාස්‍යයට කරුණකි.මේ සම්බන්ධව හිටපු අධ්‍යාපන ඇමතිවරයාගෙන් විමසූ විට ඔහු පවසන්නේ මොහු දෙවන ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු බැවින් මොහුට පාසලක් දීම අනිවාර්‍ය බවයි.එහෙත් ළමුන් 100ක් සිටින කුඩා පාසලක් පාලනය කරගැනීමට නොහැකි පුද්ගලයෙකුට ළමයි 2000ක් සිටින විශාල පාසලක් බාරදීම නරියෙකුට කුකුල්ලු බාරදුන්නා වැනිය.

මේ සම්බන්ධව අප තොරතුරු සෙවු අතර එහිදී අනාවරණය වූයේ විදුහල්පතිධූර දැරීමට නුසුදුසු නමුත් තමාගේ දේශපාලන හිතවතුන් ගණනාවක් හිටපු අධ්‍යාපන ඇමතිවරයා විසින් පුත්තලම් දිස්ත්‍රීක්කයේ පාසැල් වලට පත්කරනු ලැබ ඇති බවයි.

ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ මෙම  විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ සිටින ගුරුභවතුන්ගෙන් හා ළමුන්ගෙන් ඇසුවොත් දැනගත හැකිය.මොහු ඇතැම් අවස්ථාවල ගුරුවරුන්ට කියා වැසිකිලි හෝදවයි.ගුරුවරුන්ට අසෝබන විදියට කුණුහරුපෙන් බැණ වදියි.මේ හේතුව බොහෝ ගුරුවරු මෙම විද්‍යාලයේ රාජකාරී කරන්නෙ විශාල කළකිරීමකිනි.ඇතැම් ගුරුවරු වෙනත් විද්‍යාල වලට මාරුවීමට පවා උත්සහ කරති.මෙම මානසික අසහනයෙන් පිරුණු විදුහල්පතිවරයාට විරුද්ධව වචනයක් හෝ කීමට අදාල විද්‍යාලයේ ගුරුභවතුන් බිය වී ඇත්තේ මොහු හිටපු අධ්‍යාපන ඇමතිවරයාගේ හිතවතෙකු ලෙස පෙනීසිටින නිසාවෙනි.එහෙත් එම අධ්‍යාපන ඇමතිවරයා මීට මාසෙකට පමණ පෙරා ජනාධිපතිවරයා ධූරයෙන් නෙරපා දැම්මේය.

මෙම අසහන විදුහල්පතිවරයා මීට මාස 5කට පමණ පෙර විද්‍යාලයේ ශිෂ්‍යාවන් තිදෙනෙකු බලෙන්ම ඉවත් කර ඇත.ඒ එම ශිෂ්‍යාවන් ගැබ් ගැන ඇති බවට අසත්‍ය චෝදනාවක් කරමිනි.එහෙත් එම ශිෂ්‍යාවන්ගේ වෛද්‍ය පරීක්ශණයෙන් එවැනි ගැබ් ගැනීමක් හෝ ලිංගික අපයෝජනයක් සිදු නොවී ඇති බව වාර්ථා විය.කෙසේවෙතත් එම ශිෂ්‍යාවන්ව නැවත පාසලට මුහුණ දිය නොහැකි තත්ත්වයට අදාල විදුහල්පතිවරයා පත්කිරීම නිසා එම ශිෂ්‍යාවන් පාසලින් ඉවත්කර ගැනීමට එම දෙමවුපියන් පියවර ගත්හ.එහෙත් මේ සම්බන්ධව නීත්‍යානූකූල පියවරක් ගැනීමට තරම් එම දරුවන්ගේ දෙමාපියන් කටයුතු නොකලේ ඔවුන් ඉතා අහිංසක ග්‍රාමීය මට්ටමේ පුද්ගලයන් වීම හේතුවෙනි.

මෙම විදුහල්පතිවරායාගේ තවත් බොහෝ සිදුවීම් ඇත.කුඩා දරුවන්ට පවා හිතක් පපුවක් නොමැති ආකාරයෙන් මොහු පහර දෙයි.එලෙස පහර දෙන්නේ මන්දැයි එම දරුවන්ගේ දෙමාපියන් ඇසූවිට ඔවුන්ට දෙන උත්තරය වන්නේ ඒ විනය හැදීමට බවයි.විනයට මුල් වී මෙම විදුහල්පතිවරයා නටන පිස්සුව තව දුරටත් පැවතියහොත් ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ ලොකු විනාශයක් සිදුවීම වැලැක්විය නොහැක.ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ දරුවන්ගේ දෙමවුපියන් හා ගුරුවරුන් මෙම විදුහල්පතිව බෙල්ලෙන් අල්ලා එලියට දැමීමට පෙර මොහු සම්බන්ධව සොයාබලා නිවැරදි තීරණයක් ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගෙන් හා වයඹ පළාත් මහඇමති ධර්මසිරි දසනායකගෙන් අප ඉල්ලා සිටිමු.මෙම සියලු තොරතුරු විද්‍යාලයේ ඇතැම් ගුරුවරු අපට ලබාදුන් ඒවා වේ.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *