හෙට ධුරයෙන් ඉවත්ව යා යුතුයි, එසේ නැත්තන් අපි කොළඹ වටකරනවා, ඇමතිවරුනි එන්න එපා, රතන හිමියන්ගෙන් සැර ප්‍රකාශයක්

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි හෙට තම ධුරයෙන් ඉවත්ව යා යුතුයි. එසේ නොකරන්නේ නම් හෙට අපි කොළඹ වටකරනවා. අද (27) කුරුණෑගල මහ රෝහලේ දී අගතියට පත්වූ මවුවරුන් හමුවීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මාධ්‍යවේදින් හමුවේ ප‍්‍රකාශ කළහ.

එහිදී තව දුරටත් කරුණු පැහැදිළි කළ රතන හිමියන් මෙසේ ද පැවසීය.සහබ්දීන් ශාෆි වෛද්‍යවරයා විසින් සැලසුම් සහගතව සිංහල සංහාරයක් සිදුකර ඇති බවත්, සහරාන්ටත් වැඩිය බරපතල අපරාධයක් කර ඇති බවත් පැවසීය.

අපි මින් පසු මේ රට පාලනය කරන්නේ මහ පාරෙ ඉදන්. මේ කාරනය පදනම් කරගෙන රෝහල් අධ්‍යක්ෂවරයාගෙවත් වෙනත් නිළධාරියෙකුගේවත් වැඩ තහනම් කරන්නවත් ස්ථාන මාරුවීම් කරන්නවත් දෙන්නේ නැහැ.

සහබ්දීන් ශාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇතිවූ සිද්ධින් පසුබිම්කරගෙන මාධ්‍ය හරහා ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ එම වෛද්‍යවරයාගේ ක‍්‍රියා කලාපයන් නිසා නැවත දරුවන් නොලැබේය යන සැකයක් පවතින්නේ නම් රෝහලට පැමිණ පැමිණිළි කරන ලෙසයි.

ඒ අනුව ඊයේ පෙරවරුවේ මවුවරුන් 15 දෙනෙකු සහබ්දීන් ශාෆි වෛද්‍යවරයා සටහන තැබූ වෛද්‍ය වාර්තා සමග රෝහලට පැමිණ නැවත දරුවන් නොමැති බවත්, දරුවන් ලබාගැනීම සදහා වෛද්‍යවරුන් හමුවී ප‍්‍රතිකාරකරන බවත් ඒ වෙනුවෙන් විශාල වශයෙන් මේ වන විට මුදල් වැය කර ඇති බවත් ප‍්‍රකාශ කළහ. සැම මවක්ම සහබ්දීන් වෛද්‍යවරයාගේ සායනකටයුතු පිළිබදව සැකයක් ඇති බවට හැඩූ කදුලින් ප‍්‍රකාශ කරන ලදී.

මව්වරුන්ගේ ප‍්‍රකාශයන් හමුවේ අදහස් ප‍්‍රකාශ කල රතන හිමියන් ….මේ සහසික අපරාධය කල බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. සාක්ෂි වලින් නීත්‍යානුකූලව තහවුරුවන තුරු බලා ඉදිමු. 1998 ඊබ‍්‍රහිම් වෛද්‍යවරයා අද ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. එදා ඉදලා සැලසුම් සහගතව අපේ මවුවරුන්ට මේ අපරාධය කරලා තියෙනවා.

සදාකාලික රෝගීන්වෙලා ද ජීවත්වෙන්නේ. ඇමතිවරුනි එන්න එපා අනිසි බලපෑම් කරන්න. එහෙම වුනොත් සියලූ ස්වාමින්වහන්සේලා සහ සියලූම සිංහල ජනතාව එකතුවෙලා ලක්ෂ ගණනින් අපි එනවා. අපේ සටන අරඹනවා. අසාධාරනයට ලක්වුණු කන්තාවන් වෙනුවෙන් මුදලින් වන්දි ගෙවන්න බැහැ.

සහබ්දීන් ගේ සියලූ දේපල රාජසන්තක කරන්න. මේ අසාධාරනයට ලක්වෙච්චි හැමෝටම ඒ මුදල් බෙදලා දෙන්න. අපි ඉල්ලාසිටිනවා බළධාරින් මේ සියල්ලටම සාධාරණය ඉටුකරන්න. මුදලට බලයට යටවෙන්න එපා.

විජේසිංහ වැලිකන්ද