Politic News

අගමැතිකමෙන් වහාම ඉවත්වන්න.එජාප මන්ත්‍රීවරු 59ක් රනිල්ට කියයි

එජාප නායකත්වයෙන් හා අග්‍රාමාත්‍යධූරයෙන් වහාම ඉවත් වන්නැයි දන්වා එජාප මහලේකම් කබීර් හෂීම් මහතා ඇතුළු මන්ත්‍රීවරු 59ක් අත්සන් කර ලිපියක් අග්‍රාමාත්‍යවරයා වෙත බාරදී ඇති බව වාර්ථා වේ.

අග්‍රාමාත්‍යධූරය හා පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙන ලෙස එම මන්ත්‍රීවරු පිරිස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.

එසේ නොවන්නේනම් ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව එජාප තනි ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියාකරන ලෙසද එම මන්ත්‍රීවරු පිරිස මෙහිදී වික්‍රමසිංහ මහතාට දැනුම්දී ඇත.

මේ පිළිබඳව වැඩිදුර සාකච්ජා කිරීම සඳහා අද සවස සිරිකොත මූලස්ථානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාප මන්ත්‍රීවරු අතර හමුවක් පැවැත්වීමටද නියමිතය.

පසුගිය 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් එජාපය දරුණු පරාජයක් ලැබීම හේතුවෙන් එදිරි මැතිවරණයන් වලට මුහුණදීමට නව නායකත්වයක් අවශ්‍ය බවත් එසේ නායකත්වයක් ලබාදීමට සිටින එකම සුදුස්සා සජිත් ප්‍රේමදාස මහතා පමණක් බවත් එජාප මන්ත්‍රීවරු පිරිස මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත.

මේ සම්බන්ධව ඉදිරියේදී කෘත්‍යාධීකාරී මණ්ඩලය රැස්කර රහස් ජන්දයක් පවත්වා තීරණයක් ගැනීමට වික්‍රමසිංහ සූදානමින් පසුවන බවද වාර්ථා වේ.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *