මීට සුළු මොහොතකට පෙර අති විශේෂ ගැසට් පත්‍රය පිට වෙයි

ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වැනි දින පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එහිදී, නාමයෝජනා භාරගැනීම ඔක්තෝබර් මස 07 වැනි දින සිදුකරන බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිසන් සභාව අද (18) රාත්‍රීයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපෙක්ෂකයා මේ සතිය අවසන් වීමට පෙර නම් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රි නලීන් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද (18දා) පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා එම අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට සූදානම් බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

රැස්වීම් කිහිපයක් රටේ විවිධ ස්ථානවල පවත්වා ජනතාවගේ රැල්ල තිබෙන්නේ කොතනදැයි පෙන්වීමට හැකිවූ බවත්,ඒ අනුව දුප්පත්කම නැතිකළ නායකයෙකු රටේ ජනාධිපතිවරයා ලෙස මේ වසර අවසානයේදී පත්වනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.