Politic News

බැඳුමකර ගණුදෙනුව ගැන කොමිසමේ වාර්ථාව හෙට ජනාධිපති අතට

ප්‍රශ්ණගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශණය කල ජනාධිපති කොමිසමේ වාර්ථාව හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට නියමිතය.

බැඳුම්කර කොමිසමේ වාර්ථාව ජනාධිපතිවරයාට ලැබුණු පසු අධිකරණ ක්‍රියාමාර්ග වලට යොමුවිය යුතු බව ශ්‍රීලංකා නිදහස් පක්ශ මධ්‍යමකාරක සභාව මේ වනවිට තීරණය කර තිබේ.

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ වාර්ථාව අනුව කිසියම් පුද්ගලයෙකු මහජන දේපල කොල්ල කෑ බවට තහවුරු වුවහොත් ඔහුගේ තනතුර පක්ශය පිළිබඳව නොහිතා නීත්‍යානුකූලව කටයුතු කරන බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කලේය.

මේ අතර බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ රවී කරුණානායක මහතා පවසන්නේ බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධ ජනාධිපති වාර්ථාව නිකුත් වූ පසු තමාගේ නිර්දෝශීභාවය ඔප්පු වනු ඇති බවයි.

තමාට චෝදනා එල්ලකල පුද්ගලයන්ගේ රහස් රැසක් ඉදිරියේදී හෙළිකිරීමට කටයුතු කරන බවද රවී කරුණානායක මහතා මාධ්‍යවෙත වීඩියෝ පටයක් නිකුත් කරමින් අනතුරු ඇගවිය.

තමා මුදල් ඇමතිවරයා ලෙස එවකට කටයුතු කලද මහබැංකුව හා රාජ්‍ය බැංකු තමා යටතේ නොතිබූ බවද ඒ හේතුවෙන් මහබැංකු ගණුදෙනුව සම්බන්ධව තමාට චෝදනා එල්ලකිරීම අසාධාරණ බවද හිටපු ඇමතිවරයා පසුගියදා ප්‍රකාශ කලේය.

එමෙන්ම පසුගියදා රවී කරුණානායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී රහස් තොරතුරු ගණනාවක් හෙළිකර බවද වාර්ථා විය.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *