Politic News

හවුල් ආණ්ඩුව ඉවරයි.මෛත්‍රී රනිල් වෙන් වෙයි

එක්සත් ජාතික පක්ශය හා ශ්‍රීලංකා නිදහස් පක්ශය අතර පවතින හවුල් ආණ්ඩුව තව කෙටි කලක් තුළ අවසන් වන බව එක්සත් ජාතික පක්ශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ශය තනිව තරඟ කරන බවත් මෙම තීරණයට එජාප බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ලැබී ඇති බවත් වාර්ථා වෙයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය කාලයේ එජාප මන්ත්‍රීවරු දැඩි ලෙස විවේචනය කරමින් කතා පැවැත්වීම පිළිබදවද එජාප මන්ත්‍රීවරු සිටින්නෙ දැඩි කනස්සල්ලෙන් බවද වාර්ථා වේ.

තම පක්ශයේ කරපිටින් ජනාධිපති පිටුවේ වාඩි වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලංකා නිදහස් පක්ශය ආරක්ශා කිරීම සඳහා එක්සත් ජාතික පක්ශයට පහර එල්ල කිරීම කිසිසේත් අනුමත කල නොහැකි බව එජාප මන්ත්‍රීවරු නායකත්වයට දැනුම් දී ඇත.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා දූෂණ චෝදනා ඇති ශ්‍රීලංකා නිදහස් පක්ශ මන්ත්‍රීවරු ආරක්ශා කරමින් සිටින බවද එජාප මන්ත්‍රීවරු නායකත්වයට දැනුම් දී ඇත.

පළාත් පාලන ජන්දය තව දුරටත් කල් දැමුවහොත් එහි වැඩි අවාසියක් සිදුවන්නේ එක්සත් ජාතික පක්ශයට බවත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයෙන් ජන්දය කල් දැමීමට දැඩි උත්සහයක නිරත වන එජාප මන්ත්‍රීවරු පිරිසක් අප සමඟ පැවසුවේය.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය හා මහින්ද රාජපක්ශ මහතාගේ පාර්ශ්වය එකතු කර ශ්‍රීලංකා නිදහස් පක්ශ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේමජයන්ත හා තවත් පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.

එහෙත් මහින්ද රාජපක්ශ මහතාගේ පාර්ශ්වය දැඩි ලෙස පවසා ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රීලංකා නිදහස් පක්ශය සමඟ එකතුවීමටනම් එක්සත් ජාතික පක්ශ ආණ්ඩුවෙන් ශ්‍රීලංකා නිදහස් පක්ශය ඉවත් විය යුතු බවයි.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දී ඇත්තේ කිසිසේත් මහින්ද රාජපක්ශ පාර්ශ්වය සමඟ එක් නොවන ලෙසයි.

වැඩිදුරටත් දේශපාලන ආරංචි මාර්ග වලින් අනාවරණය වන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ශය හා එක්සත් ජාතික පක්ශය තනි ආණ්ඩුවක් හැදීමට රහසිගත මෙහෙයුම් මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

 

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *