Local News

බ්‍රිතාන්‍යයේ ප්‍රභල කාන්තාවගේ මව වසර 27කට පසු හමුවෙයි

ලංකාවේ අම්මා සෙවූ බ්‍රිතාන්‍ය ප්‍රබල කාන්තාව ෂෙරී ඇචේසන් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි අතර අද උදෑසන ඇයගේ මව මුණගැසී ඇත.ඒ සිරස නිවුස් ෆස්ට් මැදිරිය තුළදීය.

මවකගේ හා දියණියකගේ සැබෑ ආදරය වසර 27කට පසු දැකගත් එම අවස්ථාවට එක් වූ බොහෝ දෙනෙක්ගේ දෑසට කදුලු ගෙනදෙන්නක් විය.

ලන්ඩනයේ හිතෘ ගුවන් තොටුපොළෙන් ෂෙරී ඇචේසන් ලංකාවට පැමිණීමට ඊයේ යූ.එල්. 504 ගුවන් යානයට ගොඩවෙත්ම ඇයට එහි සිටි ශ්‍රී ලාංකිකයින්ගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමකි.

“මට හුගාක් සතුටුයි. මම බලාපොරොතුවෙන් ඉන්නනේ මගේ අම්මාව දකින්න මගේ සහෝදරිය හමුවෙන්න ඔවුන්ගේ විස්තර දැනගන්න මගේ අම්මා මට ලබාදිපු ජිවිත තුළින් මම ලැබුනේ දේවල් ගැන ඔවුන්ට කියන්න.තම මව මුණ ගැසීමට පැමිණීමට පෙර ෂෙරී ඇචේසන් එසේ පැවසුවාය.

1991 පෙබරවාරි 28 වෙනිදා ෂෙරි ඇචේසන් උපත ලබා ඇත්තේ නිරෝෂිකා යන නාමයෙන් වන අතර ඉපිද දින 15 කට පසු ඇය අයර්ලන්ත ජාතික යුවලක් වෙත ලබාදි තිබේ.තමන්ට උපත දී දින 15 ක් හෝ ලේ කිරිකර දුන් ලංකාවේ අම්මා සොයා දෙන ලෙස නිව්ස්ෆස්ට් වෙත ෂෙරී ඇචේසන් ඉල්ලීමක් කළේ, මීට සති කිහිපයකට පෙරයි.

ඇය මේ වනවිට එක්සත් රාජධානියේ තාක්ෂණ ක්ෂේත්‍රෙය් ප්‍රබල කාන්තාවන් 35 දෙනා අතරට අතුළත්ව සිටින අතර විශේෂ ව්‍යාපෘති රැසකට සිය දායකත්වය ලබා දී තිබේ.

ඇය සතුව තිබූ උප්පැන්න සහිතය ඇතුළු අනෙකුත් ලියකියවිලි සඳහන් වූ තොරතුරු අසත්‍ය ඒවා වූ අතර නිව්ස්ෆස්ට් ඇගේ සැබෑ මව සොයා මෙහෙයුමක් ආරම්භ කළේ, ඒ අනුවයි.එම වීඩියෝව පහතින්

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *