Politic News

සුජීව ඇමතිකමෙන් ඉවතට

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ශ මැති ඇමතිවරු කිහිප දෙනෙක්ද ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට කරුණු දක්වා ඇත.

දිගින් දිගටම සුජීව සේනසිංහ මහතා ජනාධිපතිවරයාව විවේචනය කරමින් අදහස් දැක්වීම මඟින් තව දුරටත් ජාතික ආණ්ඩුවේ ‍රැදී සිටීම ගැටළුවක් වී ඇති බවත් ආණ්ඩුවෙන් ඉවත්වීම හෝ සුජීව සේනසිංහ මහතා ඉවත්කිරීම සම්බන්ධව ජනාධිපතිවරයා තීරණයක් ගතයුතු බවත් ශ්‍රීලංකා නිදහස් පක්ශ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට දන්වා ඇත.

මේ සම්බන්ධව ජනාධිපතිවරයාද යහපත් ප්‍රතිචාරයක් දන්වා ඇති අතර වහාම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මේ සම්බන්ධව සාකච්ජා කරන බවද පවසා ඇත.

මහබැංකු බැඳුම්කර සොරකමට වගකිව යුතු බව පැවසෙන අර්ජුන් ඇලෝසියස් සමඟ සුජීව සේනසිංහ මහතා දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලබාගන ඇති බව පසුගියදා හෙළිවිය.

ඔහු කෝප් කමිටු සාමාජිකයෙකුද වන අතර පසුගිය කාලයේ මහබැංකු සොරකම ගැන පොතක් පවා ඔහු රචනා කරමින් පැවසුවේ එවැනි සොරකමක් සිදුව නොමැති බවයි.

මහැබැංකු සොරකමට සම්බන්ධ බව කියන අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන ඇමතුම් ලබාගත්තා යැයි සුජීව සේනසිංහට චෝදනා පැමිණීමත් සමඟ පසුගියදා දැඩි වාග් ප්‍රහාරයක් ජනාධිපතිවරයාට ඔහු එල්ල කලේය.

සුජීව සේනසිංහ මහතා පෙන්වා දුන්නේ එජාපයේ තරුණ මන්ත්‍රීවරු විනාශ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවයි.මිග් ගණුදෙණුව,නැව් ගණුදෙනුව හා ඇඩ්වර්ටයිසින් ආයතන වල අයථා ගණුදෙනු සම්බන්ධව විමර්ශණය කිරීමට කිසිදු ජනාධිපති කොමිසමක් පත් නොකරන්නේ මන්දැයි සුජීව සේනසිංහ මහතා මෙහිදී ප්‍රශ්ණ කලේය.

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමෙන් සිටින බවද එහිදී ඔහු වැඩි දුරටත් පැවසුවේය.

කෙසේවෙතත් සුජීව සේනසිංහ මහතාගේ මෙම ප්‍රකාශයා ජනාධිපතිවරයා පිළිතුරු ලබාදෙමින් ඊයේ පැවසුවේ “කොළය ඉරාගන ඇගේ හලාගන පස්සෙ නහයෙන් අඩන්න එපා” යනුවෙනි.

දූෂණයට තමා සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් ජනාධිපතිධූරය පැත්තට තමා දූෂණයට හොරකමට විරුද්ධව තමා ජනතාව සමඟ හිටගැනීමට සූදානම් බවද ඔහු එහිදී පැවසුවේය.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවෙ සිටි පැමිණි වහාම සුජීව සේනසිංහ මහතා සම්බන්ධව තීරණයක් ගැනීමට ගැනීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්ථා කරයි.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *