හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට – රනිල්ගේ ලක්ෂ 1400 කට බැංකු රවී කෙළියි

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඉකුත් වසරේ ඔක්තෝ­බර් 26 දා පත් කරනු ලැබූ ව්‍යවස්ථා විරෝධි දින 52 ආණ්ඩුව සම­යේදී සිදුවූ තවත් මහා මුදල් වංචාවක තොරතුරු මේ වන විට අනාවරණය වී ඇත. මෙම මුදල් කොල්ලය පිටුපස සිටින්නේ ලංකාවේ සුප්‍රකට බැංකු කොල්ලයක මහා මොලකරුවෙකු වන ඇමති රවී කරුණානායක බව තොරතුරු වාර්තා වී ඇත

දින 52 ආණ්ඩුව සම­යේදී රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී) ගේ සහය එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීමට බව පවසා ලක්ෂ 1500 ක මුදලක් අමාත්‍ය රවී කරුණානායක විසින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට වංචා කර ඇත.

වාර්තා වන අන්දමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව පිහිටුවා පසු දින රාත්‍රී 10.30 පමණ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසලට ආරක්ෂකයින් නොමැතිව හොර රහසේ පැමිණි ඇමති රවී, ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට අයත් රථයේ විජයාරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් අලුයම් කාලය වන තෙක් සාකච්ජා පවත් වා ඇත.එහිදී ඇමති රවී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 12 සමඟ ආණ්ඩුවට එකතු වන බව පවසා ඇත.

කෙසේ වෙතත් මේ පිලිබදව වාසුදේව නානායක්කාර සහ දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් විරුද්ධත්වය නිසා වැලකි ගිය අතර පසුව මේ කිසිත් නොදන්නා ලෙසට රවී නැවතත් එක්සත් ජාතික පක්ෂයට වාසි වන අයුරින් මන්ත්‍රීවරු මුදල් දී ලබා ගත යුතු බව පවසා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මුදල් මෙලෙස ලබාගෙන ඇත.

දින කීපයක් ගත වුවත් රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී) එක්සත් ජාතික පක්ෂයට එක් නොවුණු තැන රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලක්ෂ 100 ක මුදලක් නැවත ලබා දී ඇති අතර ඉතිරි මුදල් මේ වන තෙක් ලැබී නොමැති බව වාර්තා වේ.

මේ මුදල් වලින් කොටසක් දැනට ලංඩනයේ සිටින ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ සුධීර සදරුවන් වෙත ලබා දී ඇති බව සදහන්. ලක්ෂ 50 කට අධික මුදලක් එකවර ලැබුණු ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කතෘ සුධීර සදරුවන්ගේ උමතු ක්‍රියා කලාපය හේතුවෙන් මේ වන විට සිය කසාද බිරිඳද හැර ගොස් ඇත.

රෝගී තත්වයක් හේතුවෙන් මේ වන විට පාදයක් ඉවත් කර ඇති ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ සුධීර සදරුවන් මහතා මේ වන විට දැඩි අසීරු තාවයකට පත්ව ඇත. අනුන්ට මඩ ගසා කප්පම් ලබා ගනිමින් පවත්වා ගෙන යන ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ගැන මාධ්‍ය ක්ෂේත්‍රයේ හිතවතුන් පවසන්නේ කරන පව් වලට අත වෙනුවට වැරදි හෝ කකුලෙන් වන්දි ගෙවූ බවයි.