Politic News

අයින්වෙන්න ගිය මංගලගෙ ලේකම් ආපහු වැඩ.තනතුරින් එළවන්න ඇමතිවරු දෙන්නෙක් බරටම වැඩ

‘ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනයට වෙබ් මාෆියාකරු රුවන් ෆර්දිනෑන්දස් සම්බන්ධයි’ යන ශීර්ෂයෙන් යුතුව මඩ වෙබ් අඩවි කිහිපයක පළකල පුවත පිටුපස රජයේ අමාත්‍යවරයෙකු හා හිටපු ඇමතිවරයෙකු සම්බන්ධ බවට තොරතුරු වාර්ථා වේ.

මෙම මඩ පුවත නිර්මාණය කිරීම පිටුපස එලොවටත් නැති මෙලොවටත් නැති,හරිහමන් පක්ශයක් නැති ගන්ධබ්බ අවධියේ සිටින ඇමතිවරයෙකු හා මහබැංකු වංචාවට උදව් කල බවට ඔප්පුවීම හේතුවෙන් මෑතකදී ඇමතිකමෙන් ඉවත්වීමට සිදු වූ ඇමතිවරයෙකු සම්බන්ධ බවට තොරතුරු වාර්ථා වේ.

එම ඇමතිවරුන් දෙපළට ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් පසුගිය කාලයේ රුවන් ෆර්දිනෑන්දස් මහතා ඇතැම් වෙබ් අඩවි හරාහා විශාල හෙළිදරව්වක් කර තිබීම හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස මෙම ව්‍යාජ පුවත නිර්මාණය කර ඇතිබවට දැනගන්නට ඇත.

රුවන් ෆර්දිනෑන්දස් මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන් මේ වනවිට කටයුතු කරයි.

මෙම ව්‍යාජ පුවත මඩ වෙබ් අඩවි කිහිපයක පළවීමත් සමඟ ඒ සම්බන්ධව විමර්ශණයක් කිරීමට ඉඩ සලසා තමන් මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් ධූරයෙන් තාවකාලිකව ඉවත්වන බව ෆර්දිනෑන්දස් මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

එහෙත් මංගල සමරවීර මහතා එම ඉල්ලා අස්වීම ප්‍රතික්ශේප කර තිබූ අතර ඒ මහතා පෙන්වා දුන්නේ මඩ වෙබ් අඩවි වලට අවශ්‍ය ලෙස තමන් කටයුතු නොකරන බවයි.කෙසේවුවද රුවන් ප්‍රදිනන්දිස් මහතාගේ ඉල්ලීම පරිදි අදාල වෙබ් අඩවියේ පලවී ඇති වාර්තාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

” රුවන් පොලිසියෙන් හෝ අධිකරණයෙන් සැකකරුවකු ලෙස මෙතෙක් කිසි දිනෙක චෝදනා ලැබුවෙක් නෙමෙයි. එහෙම තත්වයක් යටතේ වෙබ් පුවතක් නිසා ඔහුව ඉවත් කිරීමට මගේ සුදානමක් නැහැ” යනුවෙන්ද සමරවීර මහතා වැඩිදුරටත් පැවසුවේය.

එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා විමර්ශණය කල බවත් ඒ කිසිදු අවස්ථාවක රුවන් ෆර්දිනෑන්දස් ඊට සම්බන්ධතාවයක් ඇති බවට හෙළිවී නොමැති බවත් අපරාධ පරීක්ශණ දෙපාර්ථමේන්තුව මීට පෙර ප්‍රකාශ කර තිබුණි.මෙවැනි පුවත් පළකරන්නේ සැබෑ මිනීමරුවන් ආරක්ෂා කිරීමේ උවමනාවටද යන්න සැකයක් ඇති බවද අපරාධ පරීක්ශණ දෙපාර්ථමේන්තුවේ නිළධාරියෙක් අප වෙබ් අඩවිය සමඟ පැවසුවේය.

කෙසේවෙතත් මංගල සමරවීර මහතාගෙ පෞද්ගලික ලේකම් රුවන් ෆර්දිනෑන්දස් මහතා සිය තනතුරු වලින් ඉල්ල අස්වූ බව පසුගිය දිනවල වෙබ් අඩවි කිහිපයක පලවී තිබුනත් අද දිනයේද ෆර්දිනෑන්දස් මහතා තමන්ගේ තනතුරේ රාජකාරි කරමින් සිටින ආකාරය දැක්වෙන ජායාරූප කිහිපයක් අප කැමරාවට හසුකර ගැනීමට හැකිවිය.එම අවස්ථාව පහතින්

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *