Politic News

වහාම තනතුරින් ඉල්ලා අස්වන්න.යූඑන්පී ජවිපෙ එකාබද්ධෙ එකතු වෙයි

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපාට අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන ලෙස එක්සත් ජාතික පක්ශය,ජනතා විමුක්ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්ශය පවසනවා.

දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල් දමමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංගනය කරමින් සිටින බවත් මේ හේතුව නිසා ඔහු අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් එම පක්ශ පවසනවා.

නියමිත කාලයට මැතිවරණය පැවැත්වීමට අපොහොසත් වීම යන පදනම මත ඊයේ ඒකබද්ධ විපක්ශය විසින් විස්වාසභංග යෝජනාවක්ද  කතානායක වරයාට භාරදුන්නා.

අද ජනතා විමුක්ති පෙරමුණින්ද විස්වාසභංග යෝජනාවක් කතානායක වරයාට බාරදීමට නියමිතයි.

ඊයේ එක්සත් ජාතික පක්ශය මාධ්‍ය හමුවක් කැදවමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසූවේ ලැජ්ජාවක් තිබෙනවානම් ෆයිසර් මුස්තාපා මහතා ඇමතිධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී පෙන්වා දුන්නේ දිගින් දිගටම ආණ්ඩුව මැතිවරණය කල් දමමින් සිදු කරන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බරපතල ලෙස උල්ලංගනය කිරීමක් බවයි.විවිධ හේතු මවාපාමින් මැතිවරණය කල් දමමින් සිටින බවත් මැතිවරණයට මුහුණදීමට ආණ්ඩුව බියවී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.මහින්ද රාජපක්ශ පාර්ශ්වය හා මෛත්‍රී පාර්ශ්වය කවදා හෝ එක්වනතුරු මැතිවරණය නොපවත්වන බවද ඔහු චෝදනා කලා.

එක්සත් ජාතික පක්ශයේ පසුපෙළ මන්ත්‍රීවරු පෙන්වා දෙන්නේ මැතිවරණය කල් දමන්නේ මෛත්‍රී පාර්ශ්වය බවයි.ඒ හේතුවෙන් පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපාට එරෙහිව ගෙන එන විස්වාසභංග යෝජනාවට ජන්දය ප්‍රකාශ කිරීමටද ඔවුන් මේ වනවිට තීරණයක් ගෙන ඇත.

යම් හෙයිකින් ගෙන එන විස්වාසභංග යෝජනාව සම්මත වුවහොත් පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපාට අමාත්‍යධූරයෙන් ඉවත්වීමට සිදුවනවා.

කිසියම් පාර්ශ්වයක් විසින් අමාත්‍යවරයෙකුට එරෙහිව විස්වාසබංග යෝජනාවක් කතානායකවරයාට භාරදීමෙන් පසු එය න්‍යායපත්‍රයට ඇතුළත් කර,පාර්ලිමේන්තුවේ සාකච්ජා කර පසුව ජන්ද විමසීමක් පැවැත්වේ.

එහෙත් ශ්‍රීලංකා නිදහස් පක්ශය පවසන්නේ ෆයිසර් මුස්තාපාට එරෙහිව විස්වාසභංගය පරාජය කරන බවයි.

එහෙත් ගෙන එන විස්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ශය ජනතා විමුක්ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්ශය ජන්දය ප්‍රකාශ කරහොත් බොහෝදුරට විස්වාසභංග යෝජනාව සම්මතවීමට ඉඩ තිබේ.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *