Politic News

අවුරුද්දට ලක්ශ 2500ක් නිකන් කුලී ගෙවන දුමින්දගෙ කෘෂිකර්ම බිල්ඩිම

මසකට ලක්ෂ 210 ක් මහජන මුදල් නාස්තිකාර ලෙස ගෙවමින් තිබෙන කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල පිළිබඳ මෙතෙක් කිසිදු පියවරක් වත්මන් ආණ්ඩුව ගෙන නැත.

මේ සම්බන්ධව පසුගිය කාලය පුරා මාධ්‍ය හෙළිදරව් කර නමුත් තවමත් එම බිල්ඩිමට මාස් කුලී ගෙවමින් පවතින බව වාර්ථා වේ.
මෙතෙක් මෙම බිල්ඩිමට කෘෂිකර්ම අමාත්‍යංශය ගෙනවිත් නොමැති අතර මසකට ලක්ශ 210 බැගින් වසර එක හමාරක් එනම් ලක්ශ 2520ක් මෙම බිල්ඩිමට නිකරුනේ ගෙවාදමා ඇත්තේ රටේ මහජනයාගේ බදු මුදල් විනාශ කරමිනි.

මෙම බිල්ඩිම හා ගිවිසුම වසර එකහමාරක් ගත වී ඇති නමුත් මෙම බිල්ඩිමට කෘෂිකර්ම අමාත්‍යංශය තවම ගෙනවිත් හෝ නැත.මේ වනවිට ගිවිසුමේ පිටපතක්වත් හෝ අමාත්‍යංශයේ නැතිබව වාර්ථා වේ.

විගණකාධිපති වාර්තාව පවසන පරිදි මෙසේ අධික කුලියකට පෞද්ගලික ගොඩනැගිල්ලකට අමාත්‍යංශ කාර්යාලය ගෙනයන්නට තීරණය කරන්නේ බත්තරමුල්ල ප්‍රදේශයේ කෘෂිකර්ම අමාත්‍යංශය සතු හෙක්ටයාරයක ඉඩමක් තිබියදී එහි ගොඩනැගිල්ලක් ඉදිකිරීම කෙරෙහි සැළකිල්ල යොමු නොකොටෙය.
අනෙක් අතට ගනුදෙනුකරුවාගේ සකල කොන්දේසිවල පිටපත ඉංග්‍රීසියට හැරී කැබිනට්ටුවට රිංගා ඇත්තේ ඒ කිසිදු වෙනසකින් තොරව වීම සුවිශේෂිය.

මෙම ගොඩනැගිල්ලට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා විසින් මිස තමන් නොවන බව දුමින්ද දිසානායක මහතා මීට පෙර ප්‍රකාශ කලේය.එහෙත් රජයේ තක්සේරුකරු කියන ආකාරයට මෙම ගොඩනැගිල්ලේ වෙළෙඳපොල වටිනාකම රුපියල් මිලියන 13.5 කි. එහෙත් රුපියල් මිලියන 21 ක් වැනි අධික කුලියකට එම ගොඩනැගිල්ල ලබාගැනීමට කැබිනට් අනුමැතිය ද හිමිව තිබෙන්නේ ඒ තක්සේරු වටිනාකමද මායිම් නොකරමිනි.
එනිසා කැබිනට් පත්‍රිකාව දැම්මේ කවුද යන පැනය පුනරුච්චාරණය කිරීමෙන් ඇමැතිවරයා නිදොස් වන්නේද නැත.

ලංකාවේ ඉදිකිරීම් ක්‍රේෂ්ත්‍රයේ පුද්ගයෙකු මෙම ගොඩනැගිල්ලට වසර 5 කින් ගෙවන මුදලින් ඇමරිකාවේ ධවල මන්දිරය මෙන් දෙගුණයක් විශාල ගොඩනැගිල්ලක් ඉදි කළ හැකි බව ‘දුෂණ විරෝධි පෙරමුණ‘ පසුගියදා සංඛ්‍යා ලේඛණ සහිතව පෙන්වා දුන්නේය.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *