Local News

ප්‍රභාකරන්ගේ උපන්දිනයට උතුරේ කේක් කපයි.අමුතු කොඩියකුත් එසවෙයි

එල්.ටී.ටී.ඊ.නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය නිමිති කරගන සැමරුම් උත්සව රාශියක් උතුරේ සංවිධානය කර තිබෙන බව වාර්ථා වේ.

ඊයේ රාත්‍රීයේ ප්‍රභාකරන්ගේ උපන් ගම වන යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් ඔහුගේ උපන්දිනය සැමරීම සඳහා කේක් කපා උපන්දිනය සැමරූ බව කියන ජායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ඊට අමතරව උතුරේ බොහෝ ප්‍රදේශ වල කොඩිවැල් වලින් සරසා ඇති බවද වාර්ථා වනවා.ඒ අතර එල්.ටී.ටී.ඊ කොඩියට සමාන කොඩියක් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ඔසවා තිබෙන බවද ආරක්ශක අංශ සඳහන් කලා.

වැල්වැටිතුරෙයි වන්රිච්චි අම්මාන් කෝවිල අසල මෙම කොඩිය උසවා තිබෙන බවද වාර්ථා වේ.

ප්‍රභාකරන්ගේ උපන්ගම වන යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුමක් සිදුකරන බව මීට පෙර උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජලිංගම් පවසා තිබුනා.

මේ අතර උතුරු පළාත් මහවිරු සැමරුමට සූදානම් වන අවස්ථාවේ යාපනය පොම්බවෙලි ප්‍රදේශයේ තිබී අවිආයුධ තොගයක්ද සොයාගන ඇති බව යාපනය පොලීසිය පවසනවා.

ටී 56 වර්ගයේ ගිණි අවි 10ක්,පතුරුම් තොගයක් හා මෝටාර් උණ්ඩ 6ක් ඒ අතර තිබී සොයාගන ඇත්තේ අතහැර දැමූ ඉඩමක තිබියදී.

කොටි සංවිධානයේ මියගිය පළමු එල්.ටී.ටී.ඊ සාමාජිකයා වන ලුතිනන් ශංකර් නැමැත්තා සිහිපත් කරමින් සෑම වසරකම නොවැම්බර් 27 දින උතුරේ මහවිරු සැමරුම පවත්වනු ලබනවා.

මේ වන්විට උතුරේ ආරක්ශාව තර කර ඇති බවයි ආරක්ශක අංශ සඳහන් කලේ.

කෙසේවෙතත් මීට පෙර ආරක්ශක අංශ සඳහන් කර සිටියේ එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වන බැවින් කිසිදු සැමරීමක් සඳහා ඉඩ නොදෙන බවයි.

උතුරු පළාත් ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චිය කනගපුරම් සුසාන භූමිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර තිබේ.

 

 

 

 

 

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *