Sport News

ඉන්දීය ශ්‍රීලංකා ක්‍රිකට් තරඟාවලියෙන් ඉන්දීය ප්‍රභලයන් 3ක් හදිසියේ ඉවතට

ඉන්දීයාව හා ශ්‍රීලංකාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියෙන් ඉන්දීය ප්‍රභලයන් තිදෙනෙකු ඉවත් කිරීමට එරට තේරීම් කමිටුව තීරණය කර ඇත.

ඒ ඉන්දීය නායක විරාට් කෝලි,හිටපු නායක එම්.එස් ඩෝනි හා ප්‍රභල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන හර්දික් පාන්ඩ්‍යා වේ.

මෙම ඉවත් කිරීම එකවර සිදු නොවන අතර මුල් ටෙස්ට් තරඟ 2 තුළදී හර්දික් පාන්ඩ්‍යා ඉවත් කර ඇත.ඒ ඔහුගේ ආබාධ තත්ත්වයක් හේතුවෙන්.එහෙත් මුල් තරඟ 2 තුළදී ඉන්දීය නායක විරාට් කෝලි ක්‍රිඩා කරනු ඇති අතර ඉන් පසුව පැවැත්වෙන තරඟ සදහා ඔහු එක් නොවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්ථා කලේ.ඒ ඔහුගේ විවාහ මංගල්‍යය හේතුවෙන් බවයි වාර්ථා වන්නෙ.

ඉන්දීය හිටපු නායක එම්.එස් ඩෝනි 20/20 තරඟාවලියෙන් ඉවත්කර ඇත්තේ නවකයන්ට අවස්ථාව දීම සඳහා බව එරට තේරීම් කමිටුව පසුගියදා වාර්ථා කලා.

දෙරට අතර ටෙස්ට් තරඟ 3ක් එක්දින තරඟ 3ක් හා 20/20 තරඟ 3ක් පැවැත්වීමට නියමිතයි.පළමු ටෙස්ට් තරඟය මේ මස 16 වනදා ආරම්භ වීමට නියමිතයි.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *