Sport News

දකුණු අප්‍රිකා සංචාරයෙන් පසු ඉන්දියාව නැවත ලංකාවට

ශ්‍රීලංකාව ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන නිදහස් කුසලාන 20/20 ක්‍රිකට් තරඟාවලිය ලබන මාර්තු මාසයේ පැවැත්වේ.

මාර්තු 08 සිට 20 දක්වා කාලසීමාවේ මෙය පැවැත්වෙන බවයි ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කලේ.

70 වන නිදහස් සැමරුම වෙනුවෙන් මෙම ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කර තිබේ.

මේ දිනවල ශ්‍රීලංකාව ඉන්දියාවේ සංචාරයක නිරත වී ඇති අතර එය ලබන මස මැද වනතුරු පැවැත්වේ.

පසුව 2018 වසරේ ජනවාරී 08 වනදා සිට ඉන්දියාව දකුණු අප්‍රිකාවේ සංචාරයක නියැලෙන අතර එයින් පසුව මෙම සංචාරය පැවැත්වෙන බවයි වාර්ථා වෙන්නේ.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *