Health

කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැද්ද?චීස් බෝලයක් වගේ මහත් වෙන්න මෙන්න ක්‍රම 6ක්

කෙට්ටු මිසී ඩාලින් රෝසා…කහට ප්ලේන්ටිද බොන්නට ආසා..අහල තියෙනවද එහෙම කතාවක්.අපේ ගැහැණු ළමයින්ට තියෙන්නෙ ලොකුම ප්‍රශ්ණ දෙකයි.එකක් තමයි කෑවේ නැතත් මහත් වෙන ප්‍රශ්ණය.අනික තමයි කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති එක.මහත අඩු කරගන්න නම් ඕනී තරම් ක්‍රම තියෙනව.එත් කෙට්ටු අයට මහත් වෙන්න තියෙන ක්‍රම අඩුයි.

චීස් බෝලයක් වගේ ලස්සන පිරුණු ඇඟකට කවුද අකැමැති.දර කෝටු වගේ අත පය දිහා බලගෙන අනේ ටිකක් මහත් වෙන්න තිබ්බ නම් කියල හූල්ලන අයට තමයි අපි අද මේ ලිපිය අරගෙන ආවේ.

1 මුද්දරස්පලම් කියන්නෙ මහත් වෙන්න කැමති අය කන්න ඕනිම කෑමක්.මලල ක්‍රීඩකයන්ට කායවර්ධනය කරන අයට පවා නිර්දේශ කරල තියෙන කෑමක්. රෑට නිදියන්න පැය බාගයකට විතර කලින් මුද්දරස්පලම් අහුරක් කන්න.කාලා ඒ වේලවෙදිම වතුර වීදුරුවක් බොන්න.සති දෙකක් විතර යද්දි බලන්නකො ප්‍රතිපළ කොහොමද කියල.

2 කෙසෙල් කියන්නෙ කැලරි වැඩි පළතුරක්.මහත් වෙන්න නම් කැලරි වැඩියෙන් ගන්න ඕනි.පොඩි කෙසෙල් ගෙඩියක කැලරි 90ක් තියෙනව.ලොකු කෙසෙල් ගෙඩියක කැලරි 121ක් තියෙනව. මහත් වෙන්න ඕනි නම් දවසකට ලොකු කෙසෙල් ගෙඩි දෙකක්වත් කන්න වෙනවා. ඊට අමතරව මෙන්න මේ වැඩෙත් කරල බලන්න. උදේ නැගිට්ට ගමන් කෙසෙල් ගෙඩි දෙකක් හරි තුනක් හරි කන්න.ඒ කාපු ගමන්ම කිරි වීදුරුවක් බොන්න.ඉක්මනින් ප්‍රතිපළ ලැබෙනවා සත්තයි.

3 ගිතෙල් කියන්නෙත් මහත් වෙන්න කැමති අයට හොද කෑමක්.එදිනෙදා කන කෑම වලට ගිතෙල් ටිකක් එකතු කරගන්න එක පුරුද්දක් කර ගත්තොත් කෙට්ටු අයට මහත් වෙන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි.ඊට අමතරව ගිතෙල් හැන්දකට සීනි ටිකක් එකතු කරල දවසකට වරක් කන්න.ඔයාටම තේරෙයි ටික දවසක් යද්දි ඔයා හිටියට වැඩිය මහත් වෙලා විතරක් නෙවේ සුදු වෙලා පාටත් වැටිල කියල.

4 ඉක්මනින් මහත් වෙන්න ඕනි අය කන්න ඕනිම එළවලුවක් තමයි කැරට්.කැරට් ගෙඩියක යුශ දිනපතා බොනව නම් කෙට්ටුව මට්ටු කරන්න ලෙසියෙන් පුලුවන්.සීනි ටිකකුත් දාලම බොන්නත් අමතක කරන්න එපා.

5 තවත් පහසුවෙන්ම කාලා මහත් වෙන්න පුලුවන් කෑමක් තමයි රට කජු කියල කියන්නෙ.පෘතුවියේ තියෙන පෝෂණයෙන් වැඩිම ආහාරයක් විදිහට මුලු ලෝකයම පිලිගන්න කෑමක් තමයි රට කජු. ප්‍රෝටීන් සහ ශක්තිය බහුලයි.රටකජුවල තියෙන ප්‍රෝටීන් ඉක්මනින් බර වැඩි කරගන්න උදව් කරනව.

6  මී පැනි තේ හැන්දක කැලරි 64ක් තියෙනවා.ඊට අමතරව කාබෝහයිඩ්ඩ්‍රේට් ග්‍රැම් 17ක් තියෙනව. ඒ නිසා මී පැනි කියන්නෙත් මහත් වෙන්න හොද කෑමක්. උදේම බොන කිරි වීදුරුවටම මී පැනි කොප්පයක් කලවම් කරල බීල බලන්නකො. මේකත් මහත් වෙන්න කැමති අයට හොද විසදුමක්.චීස් බෝලයක් වගෙ මහත් වෙලා ලස්සනට පිරිල ඉන්න කැමති අය මේ පානය දිනපතා බීල බලන්නකො.

7 මහත් වෙන්න හිතන අය ටිකක් පරෙස්සම් වෙන්නත් ඕනි.මොකද මහත් වෙන්න කියලා හිතෙන හිතෙන හැටියට කාලා අන්තිමට මහත් වෙන එක කෙසේවෙතත් ලෙඩ ගොඩක් නම් හදෙන්න ඉඩ තියෙනව.ඒ නිසා වැදගත් වෙන්නෙ නිරෝගීව මහත් වෙන එකයි.ඒ සදහා කාබෝහයිඩ්ඩ්‍රේට් වැඩි කෑම කාලා හරියන්නෙත් නෑ.

පිටි කෑම කාලා කාල මහත් උනොත් නිකන්ම ලෙඩ ගොඩක් විතරයි ලැබෙන්නෙ.ඒ නිසා කාබෝහයිඩ්ඩ්‍රේට් අඩු කරල ප්‍රෝටීන් වැඩිපුර එකතු කර ගන්න.කිරි බිත්තර චීස් අලිගැටපේර රට ඉදි මුද්දරස්පලම් ආමන්ඩ් ඇට ජාති යෝගට් කජු අර්තාපල් වගේ ආහාර නිතර කන්නත් අමතක කරන්න එපා.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *