රටම බලා සිටි ගෝඨා ගේ පුරවැසිභාවය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම සහ ඔහුගේ ද්විත්ව පුරවැසි සහතික මත පදනම්ව ශ්‍රී ලාංකිකයකු ලෙස කටයුතු කිරීම වළක්වන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා  කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (4) තීන්දු කළේය .

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කර තිබේ.

මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් අතරින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා අපේක්ෂකයන් දෙදෙනාගේ ඡන්ද සංඛ්‍යාව සමවුවහොත් (දෙවැනි මනාපයක් සළකුණු කර නොමැති විට) ජයග්‍රාහී අපේක්ෂකයා තෝරා ගන්නේ කුසපත් ඇඳිමකින් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

මෙවර ජනපතිවරණයට යම් හෙයකින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවන්නේ නම් මෙවර ජනපතිවරණය ඉතිහාසයට එක්වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ අනුව බලයේ සිටින ජනපති, අගමැති මෙන්ම විපක්ෂනායක මෙන්ම හිටපු විපක්ෂනායකවරයෙක් ඉදිරිපත් නොවන පළමු ජනපතිවරණය මෙය වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.