Local News

ගිංතොට ගැටුමට හේතුව රිය අනතුරක්

ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ පැවති ගැටුම් තත්වය පාලනය කර ඇතැයි පොලීසිය පවසනවා.

ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 9 දක්වා පැවැත්වේ.එම ප්‍රදේශ වන්නේ මහ හපුගල,කුරුදුවත්ත,වැලිපිටිමෝදර,උක්වත්ත හා පියදිගමයි.

මෙම ගැටුමට මුලික හේතුව වී ඇත්තේ රිය අනතුරක් බවයි ගිංතොට ප්‍රදේශ වාසීන් පැවසුවේ.

සිංහල තරුණයෙකුගේ යතුරු පැදියකට මුස්ලිම් කාන්තාවක් අනතුරට ලක්වී ඇති බවත් එහිදී එම සිංහල තරුණයාට මුස්ලිම් පිරිසක් පහරදී ඇති බවත් වාර්ථා වේ.පසුව එම පහරදුන් පිරිසට සිංහල තරුණයන් නැවත පහරදීමට පටන් ගැනීමත් සමඟ විශාල ගැටුමක් දක්වා මෙය දුරදිග ගොස් ඇත.

ඊයෙ රාත්‍රිය වනවිට සිංහල මුස්ලිම් දෙපාර්ශවයේම කඩවල් කිහිපයක් ගිනි තබා ඇති අතර නිවෙස් කිහිපයකටද පහර දී ඇත.එමෙන්ම යතුරු පැදි හා රථ වාහන කිහිපයකටද දැඩි අලාභ හානි සිදුකර ඇතැයි වාර්ථා වේ.මෙම ගැටුමට සම්බන්ධ බොහෝ පිරිස් මුහුණු ආවරණය කර පැමිණ තිබෙන බවද වාර්ථා වේ.

මෙම ගැටුම ආරම්භ වී ඇත්තේ පෙරේදා දිනයේදීය.

පොලීසිය පවසන්නේ ප්‍රදේශයේ ආරක්ශාව තව දුරටත් දැඩිකර තිබෙන බවයි.

සිංහල මුස්ලිම් ගැටුමක් දක්වා මෙය ගෙන නොයන ලෙසත් අසත්‍ය ප්‍රචාර පතුරවන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලීසිය පැවසුවේය.

 

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *