Politic News

චන්ද්‍රිකාගෙන් මෛත්‍රීපාලට බලු බැනුම්

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැඩි දෝශාරෝපනයක් එල්ල කර තිබේ.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ශයේ මන්ත්‍රීවරුන් සමඟ එක්වීමට සාකච්ජා කිරීම හේතුවෙන්.

යම් හෙයිකින් මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ශ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ශය සමඟ එක්වුවහොත් තමා දැඩි තීරණයක් ගන්නා බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

එළබෙන පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලංකා නිදහස් පක්ශය හා එක්ව තරඟ කිරීමට ඒකාබද්ධ විපක්ශය මේ වනවිට සාකච්ජා පවත්වමින් සිටී.

එහිදී ඒකාබද්ධ විපක්ශය අවධාරණය කර සිටියේ තමන් ඉදිරිපත් කළ කොන්දේසි පිළිගන්නේනම් පමණක් ශ්‍රීලංකා නිදහස් පක්ශය හා සමඟ එක්වීමට සූදානම් බවයි.

ශ්‍රීලංකා නිදහස් පක්ශය ජාතික ආණ්ඩුවෙන් වෙන්වීම ඒකාබද්ධ විපක්ශය ඉදිරිපත් කල ප්‍රධාන කොන්දේසිය වේ.

මේ වනවිට දෙපාර්ශ්වය අතර පවත්නා සාකච්ජා බොහෝ දුරට සාර්ථක වී ඇති අතර අනිද්දා දින එහි තවත් සාකච්ජා වටයක් පැවැත්වේ.

මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාටද දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පසුගිය කාලය පුරා මහින්ද රාජපක්ශ මහතා දැඩිව විවේචනය කල නිමල් සිරිපාල අමාත්‍යවරයා මෙවර දෙපාර්ශ්වය සමඟි විය යුතු බවට අදහස් දක්වා ඇත.

ශ්‍රීලංකා නිදහස් පක්ශයේ පොදු සතුරා එක්සත් ජාතික පක්ශය විය යුතු බව ශ්‍රීලංකා නිදහස් පක්ශ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී අදහස් දක්වමින් නිමල් සිරිපාල මහතා පවසා ඇත.

ඊට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ශයට වඩා පොහොට්ටුවට ගහන ගැහිල්ල ගැන බැලිය යුතු බවයි.

එවිට නැවතත් නැගී සිට අමාත්‍යවරයා පවසා ඇත්තේ ඕනෑම පක්ශයක ප්‍රශ්ණ ඇති බවත් ඒවා විසඳාගන පක්ශයක් ලෙස ඉදිරියට යා යුතු බවත්ය.ඊටද හිටපු ජනාධිපතිවරිය දැඩිව අදහස් දක්වා ඇත.

කෙසේවෙතත් ශ්‍රීලංකා නිදහස් පක්ශය හා එකාබද්ධ විපක්ශය හෙවත් පොදුජන පෙරමුණ සමඟ එක්ව තරඟ කරනවාද යන්න මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.

එක්සත් ජාතික පක්ශය දන්වා ඇත්තේ පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලංකා නිදහස් පක්ශය පොදුජන පෙරමුණ හා එක්ව තරඟ කරනවානම් ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව යන ලෙසයි.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *