Uncategorized

ජිම් නොයා ගෙදරදිම ෆිට්නස් හදාගන්න ඕනිද මාසයෙන් ප්‍රතිඵල ලැබෙන ක්‍රම 20ක්

ගැහැනු අයට වගේම පිරිමි අයටත් තියෙන ප්‍රශ්නයක් තමයි මේ මහත.ලොකුම ප්‍රශ්නෙ බඩ එන එක.අවුරුදු විසි පහක් විතර වෙද්දි හුගක් තරුන පිරිමි ලමයි මේ ප්‍රශ්නෙට මූන දෙනවා.ජිම් යන එක මේ වයසේ පිරිමි ලමයින්ගේ විලාසිතාවක් වෙලා තිබුනත් හුගක් අයට ජිම් යන්න බැරි හේතු තියෙනවා.ඒ වුනාට ඉතින් ජිම් ගිහින් ඇග ටිකක් කඩවසම් විදිහට හදා ගන්න ආසාව කාගෙත් හිතේ නැතිව නෙවේනේ.ජිම් යන අයට නම් මහත් වෙන ප්‍රශ්න බඩ එන ප්‍රශ්න කෙට්ටු ප්‍රශ්න මුකුත් නෑ.මොකද ජිම් යනවා නම් ඉතින් හොද ෆිට් ඇගක් හදා ගන්න පුලුවන්.එ්ත් ජිම් යන්න බැරි අයට නම් මේ දේවල් හරි ප්‍රශ්න.එහෙම කියල ඉදලත් බෑ නේද.හැමෝගෙම මේ ප්‍රශ්න විසදන්න පුලුවන් ක්‍රම තියෙන්න ඕනී.ඒ නිසා තමයි අපි මේ ලිපිය අද අරගෙන ආවේ.

අපේ කට්ටිය කොහොමත් හොයන්නෙ පහසු ක්‍රමනෙ.ඒ නිසා අපි මේ කියන්නෙත් පහසු ක්‍රම 15ක් ගැනයි.මේ ක්‍රම 15 හරියට කලොත් මාසයක් යද්දි ඉස්සරහට ඇවිත් තියෙන බඩ ගෙඩියත් අඩු වෙලා අත් දෙකේ උරහිස් වල තියෙන මස් ගොබ ටිකත් හරියට ජිම් එකට ගියා වගේ ෆිට් වෙනවා.අනවශ්‍ය මේදයත් දහනය වෙන නිසා ඇගේ බරත් අඩු වෙනවා.ජිම් ගියා වගේම වැඩ ටිකක් නිසා කෙට්ටු අයටත් හොද ෆිට් ඇගක් හදා ගන්න මේ ක්‍රම උදව් වෙනවා.ඔන්න එහෙනම් දැන් කට්ටියට කරන්නයි තියෙන්නෙ.

අමාරු වැඩ මුකුත්ම නෑ.අමුතුවෙන් කරන්න කියලා මහ දෙයකුත් නෑ.ඒ නිසා අමුතුවෙන් කාලය හදා ගන්න ඕනිත් නෑ.එදිනෙදා ජීවීතයේ දෛනික වැඩ කරන ගමන් සාමාන්‍ය විදියට මේ දේවල් කරන්න විතරයි තියෙන්නෙ.ඒ නිසා ජිම් යන්න කියලවත් වියදම් කරන්න කියලවත් වෙලාව හදා ගන්න දෙයක්වත් නෑ.සල්ලි වියදම් වෙන්නෙ නැති එක තමයි ලොකුම වාසිය.

1.හැමදාම උදේට ඔෆිස් යද්දි විනාඩි තිහක් පයින් යන්න.බස් එකේ යන කෙනෙක් නම් හෝල්ට් කීපයක් කලින් බැස්සා නම් හරි.මේ වැඩේ හරියට කලොත් දවසකට කැලරි 178ක් දහනය කරගන්න පුලුවන්.

2.පිරිමි කට්ටිය බඩු ගන්න කඩේ යන්න හරි කම්මැලියිනේ.අඩුම ගානේ සුපර් මාකට් එකට ගිහින් එන්නත් කම්මැලි.එත් ඔබ විශ්වාස කරන එකක් නෑ මේ කතාව.මාකට් යනවා කියන්නේ හොදම හොද ව්‍යායාමයක්.ඇයි එහෙම කියන්නෙ කියලා නේද දැන් හිතන්නේ.සුපර් මාකට් එකට ගියාම අපි බඩු ඔක්කොම දාන්නේ ට්‍රොලියට.මේ ට්‍රොලිය තල්ලු කරන් යනවා කියන්නෙ ලොකු ව්‍යායාමයක් කියලායි ව්‍යායාම විශේෂඥයින් කියන්නේ.මේ විදියට සුපර් මාකට් යන හැම සැරේම මේ ට්‍රොලිය තල්ලු කරන් විනාඩි 30ක් එහෙට මෙහෙට යන්න පුලුවන් නම් අතේ උරහිසේ මාංශ පේශී ෆිට් වෙලා ජිම් ගියා වගේ අත් හදා ගන්න පුලුවන්.එතකොට දහනය වන කැලරි ප්‍රමානය 155ක්.

3.පූල් ක්‍රීඩවත් හොද ව්‍යායාමයක්.එමගින් කැලරි 111ක් දහනය කරගන්න පුලුවන්.

4.අපේ පිරිමි කට්ටිය කුස්සිය පැත්තෙවත් යන්නෙ නෑනේ.නෝනාගේ කරදරෙන් බේරෙන්න ඕනිම නිසා යන්තම් ඔන්න ගිහින් ලූනු ගෙඩියක් සුද්ද කරලා පොල් ටිකක් ගාල දෙනවා විතරයි.හැබැයි මේ කියන්නෙ විශ්වාස නොකරන කතාවක්.උයනව කියන්නේ අත් ගොබ වල තියෙන අනවශ්‍ය මේදය අඩු කරන්න ක්‍රමයක්.කැලරි 111ක් දහනය කරගන්න එහිදී පුලුවන්.

5.ඒ වගේම දෙයක් තමයි ගේ පිරිසුදු කිරීම.ගේ අතුගාලා පොලව මොබ් කරල ජනෙල් වීදුරු පිරිසුදු කරල මිදුලත් ටිකක් අතු ගාන්න පුලුවන් නම් කැලරි 155ක් දහනය කරගන්න පුලුවන්.නිවාඩු දවසට විනාඩි 30ක් කරන්න පුලුවන් නම් හොදටම ඇති.

6.අපේ කට්ටිය හුගක් දෙනෙක් ඔෆිස් එකේ වාඩි උනු ගමන්මයි.නැගිටින්නෙ කන්න යන්නයි ටොයිලට් එකට යන්නයි විතරනෙ..ඔන්න ඉතින් දන්නෙම නැතිව බඩ ඉස්සරහට ඇවිත් මේසේ වදිනව.මේ ප්‍රශ්නෙට හොද විසදුමක් තමයි විනාඩි දහයෙන් දහයට ටිකක් නැගිටින එක.ටිකක් නැගිටල ඔෆිස් එක ඇතුලෙ රවුමක් දාලා එන්න පුලුවන් නම් හොදයි.එතකොට කැලරි 100ක් විතර දහනය වෙනවා.

7.මේ කියන්නෙ හුගක් වැදගත් දෙයක්.ඇඟේ ෆිට්නස් එකට හොද ක්‍රමයක් තමයි ලිංගික සමබන්දතා පැවැත් වීම.ලිංගිකව එක් වීමෙදි ශරීරයට හොද ව්‍යායාමයක් ලැබෙනව.කැලරි 200ක්ම දහනය කරගන්න පුලුවන්.

8.බාස්කට් බෝල් ක්‍රීඩාවේ නිරත වුනොත් කැලරි 355ක් දහනය වෙනවා.දැකල ඇතිනේ බාස්කට් බෝල් ක්‍රීඩකයන්ගෙ ඇගවල් වල ෆිට්නස් එක කොහොමද කියලා.

9.හවසට හවසට සයිකල් පදින්න පුලුවන් නම් කැලරි 366ක් දහනය වෙනවා.සයිකල් පදිද්දි අත් දෙකට වගේම කකුල් දෙකටත් හොද ව්‍යායාමයක් ලැබෙනවා.

10.දවසකට විනාඩි තිහක් බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න පුලුවන් නම් කැලරි 200ක් වැය වෙනවා.

11.පඩිපෙලක් නගිනව කියන්නෙත් හොදම ව්‍යායාමයක්.එත් අපේ කට්ටිය නම් පුරුදු වෙලා ඉන්නෙ පඩිපෙල තියෙද්දිත් ලිෆ්ට් එකේ යන්නනෙ.දිනකට වැඩි වාර ගානක් පඩි නගින්න බහින්න පුලුවන් නම් කැලරි 285ක් දහනය කරගන්නත් පුලුවන්.

12.කාර් එක හෝදන්නෙ සර්විස් ස්ටේශන් එකට දාලද.වාහනයක් වුනාම ඉතින් සර්විස් ස්ටේශන් එකට දාන්න ඔ්නි තමයි.එ්ත් සෝදන වැඩේ තමන්ටම කරගන්න පුලුවන් නම් ඒක හොද ව්‍යායාමයක්.කැලරි 200ක් දහනය කරන වැඩක් තමයි ඒ.

13.බාස්කට් බෝල් වගේම තමයි වොලිබෝල් ක්‍රීඩාවත් හොද ව්‍යායාමයක්.කැලරි 355ක් දහනය වෙනවා.

14.බර උපකරණ පාවිච්චි කරල කරන වැඩ කරනවා නම් කැලරි 355ක් දවසකට දහනය වෙනවා.ඇන මිටි ඉස්කුරුප්පු සවල් උදැල්ල ගල් ඉන්න ඒ වගේ උපකරන කිහිපයක්.

15.පිහිනීමත් ඇඟ ෆිට් කරන හොද ව්‍යායාමයක්.සති අන්තයේ පැයක් විතර පිහිනන්න වෙලාව වෙන් කර ගන්න පුලුවන් නම් කැලරි 260ක් දවසකට වැය වෙනවා.

16.යෝගා ව්‍යායාමත් දැන් හරි ප්‍රචලිතයි.පුරුද්දක් විදිහට දවසකට විනාඩි තිහක් වගේ යෝගා ව්‍යායාම කලොත් කැලරි 107ක් දනය කරගන්න පුලුවන්.

17.වත්තෙ පිටියේ වැඩ කරන්නත් අපේ පිරිමි හරි කම්මැලීනේ.ඉදලක් උදැල්ලක් අල්ලල වැඩක් කරගන්න දැන් ඉන්න පිරිමි අයට දහ වැදුම් වඳින්න ඕනී කියලනේ අපේ නෝනල කියන්නේ.හැබැයි ඉතින් වත්තෙ පිටියෙ වැඩ කරනව කියන්නෙ ජිම් ගියා වගේ තමයි.එහිදී දහනය වන කැලරි ප්‍රමානය 266ක්

18.ඒ වගේම වැඩක් තමයි ගේ අස් කිරීම.ගෙදර බඩු ගෘහ උපකරන හැමදාම තියෙන්නෙ එකම විදියටනෙ.නිවාඩු දවසට පැයක් දෙකක් මහන්සි වෙලා ගෙදර බඩු මුට්ටු ගෘහ උපකරන එහාට මෙහාට ඇදල වෙනස් කරල මකුලු දැල් එහෙමත් කඩල ගෙට අලුත් හැඩයක් දෙන්න පුලුවන් නම් ඇඟේ අනවශ්‍ය මේදය දහනය වෙල කැලරි 266ක් දහනය කරගන්න පුලුවන්කමක් ලැබෙනවා.

19.හැමදාම දවසට පැයක් විතරක් ඇවිදින්න පුළුවන් නම් කැලරි 300ක් දහනය වෙනවා.මේ කියන්නෙ මුලින් කිව්වා වගේ ඔෆිස් යද්දි ඇවිදින එක නෙවෙයි.හොදට ඇඟ සැහැල්ලු වෙන විදිහට පහසු ඇදුමක් එහෙම ඇදන් ජොගින් ට්‍රැක් එකක නිදහසේ හුලං වැදි වැදි දුවන්න.එ්ක හොද ව්‍යායාමයක්

20.ගස් නගින්නෙ වදුරො කියලා විහිලුවට කිව්වාට ගස් නගින එක හොද ව්‍යායාමයක්.වත්තේ පිටියේ ගස් තියෙනවා නම් කකුල් දෙක උඩ තියන් බකන් නිලන් ඉන්නේ නැතිව ගස් නගින්න.පැය බාගයක් විතර මෙහෙම කලොත් දවසකට කැලරි 275ක් විතර දහනය වෙනවා.

අපි කිව්ව මේ දේවල් ටික මාසයක් විතර හරියට කරන්න පුළුවන් නම් ඉතින් ජිම් ගියා වගේ තමයි.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *