Sport News

ලොවම බලා සිටි ක්‍රිකට් තරඟාවලියේ සංචිතය

ලොව පැරණිම හා වැඩිම අවධානයක් ගන්නා ටෙස්ට් තරඟාවලිය ලෙස සැලකෙන අළුබඳුන ටෙස්ට් තරඟාවලිය මේ මස 23 වනදා එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිතය.

එංගලන්තය ඔස්ට්‍රේලියාව අතර අළුබඳුන ටෙස්ට් තරඟාවලියේ තරඟ 5ක් පැවැත්වේ.

දෙරට අතර ටෙස්ට් තරඟ 325ක් පවත්වා ඇති අතර එයින් 130ක් ඔස්ට්‍රේලියාවද 106ක් එංගලන්තයද ජයග්‍රහණය කර ඇති අතර තරඟ 89ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.ප්‍රථම ටෙස්ට් තරඟය පවත්වා ඇත්තේ 1882 වසරේ දීය.

එමෙන්ම දෙරට අතර තරඟාවලි 69ක් පවත්වා ඇති අතර එයින් තරඟාවලි 32 බැඟින් දෙපිලම ජයග්‍රහණය කර ඇත.තරඟාවලි 5ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

මේ අතර එංගලන්තය ඔස්ට්‍රේලියාව අතර පළමු තරඟ 2 සඳහා ඔස්ට්‍රේලියා සංචිතය නම් කර තිබේ.

ඔස්ට්‍රේලියා සංචිතය Steve Smith(w),David Warner,Cameron Broncroft,Jacson Bird,Pat Cummins,Peter Handscomb,Josh Hazelwood,Usman Khawaja,Nathon Lyon,Shaun Marsh,Tim Paine,Chadd Sayers,Mitchel Starc

එංගලන්ත සංචිතය Joe Root(w),Jemes Andorson,Moeen Ali,Jonny Bairstow,Jake Ball,Gary Balance,Stuart Broad,Alastiar Cook,Mason Crane,Tom Curran,Ben Foakes,George Garton,David Malan,Craig Overton,Mark Stoneman,Cris Waakes,James Vince.

ලොව හොඳම ටෙස්ට් තරඟාවලිය ලෙස සැලකෙන අළුබඳුන තරඟාවලියේ ප්‍රධාන විනිසුරුවෙකු  ලෙස ශ්‍රීලංකික විනිසුරු කුමාර ධර්මසේන මහතා තෝරාගෙන තිබේ.

නොවැම්බර් 23 වනදා සිට ලබන වසරේ ජනවාරි 8 දක්වා මෙම තරඟාවලිය පැවැත්වේ.

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *